"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Wednesday, June 22, 2016

වැට් බද්ද කඹුරුපිටිය ම පාළුකරයි.
සියළුම වෙළදසැල් වැසේ... ව්‍යාපාරිකයන් පාරට බසී...

රජය මගින් වැට්බද්දට  එරෙහිව කඹුරුපිටිය නගරයේ සියළුම වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයන් අද දින (23) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. විශේෂයෙන්ම පසුගිය මැයි පළමු වන දින වැට්දු බද්ද සංශෝදනය කිරීම වෙළද ව්‍යාපාර සදහා සෘජු ලෙස බලපා ඇති බව පවසමින් මෙම විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදී. 


නගරයේ සියළුම වෙළද සැල් හිමියන් සහ වෙළද සේවකයන් අද උදෑසන කඹුරුපිටිය නගරය රැස්වී සාමකාමී විරෝධතා පාගමනක් කඹුරුපිටිය නගරය තුල පවත්වන ලද අතර මේ සදහා විශාල පිරිසක් එක්ව සිටින ආකාරය දැකගත හැකි විය. රජය මගින් ක්‍රියාත්මක නව බදු වැඩි කිරීම් අඩුකර තමන්ට සහනයක් ලබා දෙන ලෙස රජයට බලකරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදී.

කඹුරුපිටිය එක්සත් වෙළද සංගමය මගින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුනි. 



මේ හේතුවෙන් කඹුරුපිටිය නගරය අද දින පාළු ස්වභාවයක් ගෙන තිබුනි. කෙසේ නමුත් පොදු ප්‍රවාහන සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී. 

කඹුරුපිටිය නගරය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකි. විවිද අවශ්‍යතා සදහා කොටපොල, ඌරුබොක්ක, බෙරලපනාතර, පණාකඩුව වැනි ඉතා දුර ප්‍රදේශවල සිට පාරිභෝගික ප්‍රජාව කඹුරුපිටිය නගරයට පැමිණෙනු ලැබේ. එසේ අද දින පැමිණි පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් වෙළදසැල් වසා තැබීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටි ආකාරය කඹුරුපිිටිය නගරයේ සිදුකරනු ලැබූ සංචාරය අතර තුර දැකගත හැකි විය. 

මෙයට සමගාමීව අද දින මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම වෙළද සැල් වසා දමා ව්‍යාපාරිකයන් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලබන ආකාරය දැකගත හැකිය.

වාර්තාකලේ චමින්ද ජයසේකර
ඡායාරූප - නාමල් දර්ශන හේරත්