"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Thursday, December 8, 2016

සංහිදියාවෙන් සපිරි සමාජයක් ගොඩනැගීමට නම්


 සැමට යුක්තිය සාධාරණය ඉටුකිරීමට කාලය එළැඹී ඇත.

සටහන - සාගරිකා වසන්ති, සංස්කාරක මණ්ඩල සාමජිකා - විපරමි පුවත්පත


සිංහල හින්දු අළුත් අවුරුදු උදාවේදී හිරු මීන මේෂ රාශිය සංක්‍රමණය වන බව අප අසා ඇත්තෙමු. මෙම සංක්‍රමණය වන කාලය නොනගතය හෙවත් සංක්‍රාන්තික කාලය යනුවෙන් ජ්‍යෝතීර්වේදයේ දී හදුවනු ලබයි. සංක්‍රාන්තිය යනු කිසියම් කාලය පරාසයක සිට තවත් කාල පරාසයකට සංක්‍රමණය වන කාලයකි. එම නිසා මෙම කාලයට සංක්‍රාන්තිය යනුවෙන් සිංහල භාෂාවේ දී හදුන්වා ඇත.

කෙසේ නමුත් සංක්‍රාන්ති ය තවත් ආකාරයකින් අර්ථ නිරූපනය කිරීමට වර්තමානයේ ලෝකයේ රටවල් හුරුවී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ වර්තමානයේ සංක්‍රාන්ති වචනයට යුක්තිය යන වචනය ද එකතු කර සංක්‍රාන්ති යුක්තිය නැමති වචනයක් භාවිතා කිරීමට හුරුවී සිටී. Transitional Justice යන ඉංග්‍රීසි වචනයන් හි පරිවර්තනයක් ලෙස සංක්‍රාන්ති යුක්තිය වචනය හැදින්විය හැකිය. මෙය හුදෙක්ම පදගත පරිවර්තනයකි. ගැටුම් සහ ප්‍රචන්ඩකාරී තත්ත්යන්ගෙන් තොර සාමකාමී, සංහිදියාවෙන් සපිරි සමාජයක් ගොඩනැගීම මෙම වචනයෙහි ගැබ් වී ඇති බව පසුගිය දිනක  ප්‍රතිභා මාධ්‍ය ජාලය මගින්  සංක්‍රාන්ති යුක්තිය හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පුවත්පත් කලාවේදීන් වෙනුවෙන්  පවත්වන්නට යෙදුනු දෙදින පුහුණු වැඩසටහනේ දී අනාවරණය විය.

සංක්‍රාන්ති යුක්තිය යනු කුමක්දයි විමර්ෂණය කිරීමේදී මෙහෙදී හෙළි වූයේ කිසියම් රටක පැවති යුධමය වාතාවරණයක්, දරුණු ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නිමවීමෙන් පසුව එවැනි සිදුවීම් ඉදිරියට තවත් ඇති නොවීමට වගබලා ගැනීම සදහා නීතියේ අධිපත්‍ය ඇතිකිරීම සදහා යොදාගත් වැඩපිළිවෙලක් බවයි.

ඒ අනුව දැනගැනීමට ඇති අයිතිය, යුක්තියට ඇති අයිතිය, හානි පූර්ණයට ඇති අයිතිය, නැවත සිදුනොවන බව සහතික කිරීම වැනි ප්‍රධාන අංග හතරක් සංක්‍රාන්ති යුක්තියට අයත්වේ.  ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිසා සිංහල,දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකට අයත් ජනතාව පීඩාවට සහ විපතට පත්වූවා පමණක් නොව මිලියන ගණනක් වටිනාකමක් සහිත වූ දේපල ද හානියට පත්විය. මෙම පීඩාවට පත්වූ ජනතාවට සාධාරණය ඉටුවීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයකි. එය ජනවර්ගය, තරාතිරම, පදිංචි ප්‍රදේශය අනුව නොව පීඩාවට පත් පොදු ජනයාගේ පරම අයිතියක් ලෙස සලකමින් ඉටුකීරීමට බලධරයන්ගේ ප්‍රධාන වගකීමක් බවට පත්ව ඇත.

සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මකවීමේ ක්‍රමවේදය පිළිබදව සොයා බැලීමේ දී ඉහත සදහන් කරන ලද කරුණ කිහිපය යටතේඑය වෙන් වෙන් වශයෙන් අර්ථ දැක්වීම සිදුකල හැකිය. යුද්ධය හෝ ප්‍රචන්ඩකාරී සිදුවීම් අවසන් වීමෙන් පසුව ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබදව දැනගැනීමට සමස්ථ සමාජයටම අයිතියක් තිබේ. එම අයිතිය අනිවාර්යෙන්ම හිමිවිය යුතු වේ. මෙය සත්‍ය දැනගැනීමට ඇති අයිතිය යනුවෙන් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය යුතු අන්තර්ගතව ඇත. මේ පිළිබදව රජයේ ද පුළුල් අවධානය යොමු විය යුතු අතර එමගින් සිදුවූ සත්‍ය සිදුවීම කුමක්දැයි යන්න සාක්ෂි විමසීම් තුලින් ලබාගෙන සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම රජයට පැවරී ඇති ප්‍රධාන කාර්ය්‍ය භාරයක් වනු ඇත. යම් හෙයකින් පීඩාවට පත්වූ මහජනතාව හෙවත් වින්දිතයන්ට සාධාරණ සහනයක් ලබා ගැනීම හෙවත් නීතියේ පිහිට ලබාගැනීමට ඇති අයිතිය යුක්තියට ඇති අයිතිය යනුවෙන් හදුන්වනු ලබයි. මෙහදී ජනතාවට පීඩාවට පත්කරමින් සිදුකර ඇති දෑ පිළිබදව විධිමත් විමර්ෂණයක්  පැවැත්වීමටත් නඩු පැවරීම වැනි  ක්‍රියාමාර්ග වලට එළැබීමේ කාර්ය්‍ය භාරය රජය වෙත පැවරී පවතී.

සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ අනෙකුත් ප්‍රධාන කර්තව්‍ය වුයේ හාණි පුර්ණයට ඇති අයිතිය වෙනුවෙන් කටයුතු කිරීමයි. එමගින් පීඩාවට හා හානියට පත් වූ ප්‍රජාවට ඊට අදාළ වටිනාකමින් යුක්ත වන්දි ලබා ගැනීමට අයිතිය පවතී. එහිදී ඒ ජනතාව හෝ ජනවර්ගයන් හානියට පත්වී ඇති ආකාරය පිළිබදව සොයා බලා ඒ අනුව ප්‍රතිපත්ති සම්පාදනය කරමින් අදාල ජනකොටස් වෙත සහනයක් ලබාදීමට රජයට පැවරී ඇති තවත් වගකීමක් වනු ඇත. තව දුරටත් එවැනි ප්‍රචන්ඩ ක්‍රියා සිදුනොවීමටත්, එවැනි ප්‍රචන්ඩ ක්‍රියා සිදුවහොත් එයින් ආරක්ෂා වීමට වින්දිතයන් ට සහ සමාජයට ඇති අයිතිය පිළිබදව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ නැවත සිදුනොව බව සහතික කිරීම තුලින් පැහැදිලි කල හැකිය. මෙහිදී  ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සහ නැවත සිදු වීම වැළැක්වීමට රජයේ තවත් ප්‍රධාන වගකීමක් බවට පත්ව ඇත.  

කෙසේ වූවද, සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කිරීමේදී මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටවල් විස පහක පමණ ක්‍රියාත්මක කිරීමෙන් අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව සදහන් කළයුතුවේ.


මිහිපිට ජීවත්වන සෑම සත්වයකුට සතුටින් නිදහසින් ජීවත් වීමට පරම අයිතියක් ඇත. එම අයිතිය සුරකීම සමාජයේ ජීවත්වන සෙසු සියළුම දෙනාගේ ප්‍රධාන වගකීමක් බව පුන පුනා සදහන් කළ යුතු නොවේ. එම නිසා මේ පිළිබදව පුළුල් අවධානය යොමුකර යුද්ධයෙන් සහ ප්‍රචන්ඩකාරී තත්ත්වයන් හමුවේ පීඩාවට පත්වූ ජනතාවට යුක්තිය සාධාරණය ඉටුකරමින් ඔවුන්ට සැබෑ සංක්‍රාන්තිය ඇතිකරලීම ප්‍රධාන වගකීමක් බවට වර්තමානයේ පත්ව ඇත. 

Wednesday, June 22, 2016

වැට් බද්ද කඹුරුපිටිය ම පාළුකරයි.
සියළුම වෙළදසැල් වැසේ... ව්‍යාපාරිකයන් පාරට බසී...

රජය මගින් වැට්බද්දට  එරෙහිව කඹුරුපිටිය නගරයේ සියළුම වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයන් අද දින (23) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. විශේෂයෙන්ම පසුගිය මැයි පළමු වන දින වැට්දු බද්ද සංශෝදනය කිරීම වෙළද ව්‍යාපාර සදහා සෘජු ලෙස බලපා ඇති බව පවසමින් මෙම විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදී. 


නගරයේ සියළුම වෙළද සැල් හිමියන් සහ වෙළද සේවකයන් අද උදෑසන කඹුරුපිටිය නගරය රැස්වී සාමකාමී විරෝධතා පාගමනක් කඹුරුපිටිය නගරය තුල පවත්වන ලද අතර මේ සදහා විශාල පිරිසක් එක්ව සිටින ආකාරය දැකගත හැකි විය. රජය මගින් ක්‍රියාත්මක නව බදු වැඩි කිරීම් අඩුකර තමන්ට සහනයක් ලබා දෙන ලෙස රජයට බලකරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදී.

කඹුරුපිටිය එක්සත් වෙළද සංගමය මගින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුනි. 



මේ හේතුවෙන් කඹුරුපිටිය නගරය අද දින පාළු ස්වභාවයක් ගෙන තිබුනි. කෙසේ නමුත් පොදු ප්‍රවාහන සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී. 

කඹුරුපිටිය නගරය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකි. විවිද අවශ්‍යතා සදහා කොටපොල, ඌරුබොක්ක, බෙරලපනාතර, පණාකඩුව වැනි ඉතා දුර ප්‍රදේශවල සිට පාරිභෝගික ප්‍රජාව කඹුරුපිටිය නගරයට පැමිණෙනු ලැබේ. එසේ අද දින පැමිණි පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් වෙළදසැල් වසා තැබීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටි ආකාරය කඹුරුපිිටිය නගරයේ සිදුකරනු ලැබූ සංචාරය අතර තුර දැකගත හැකි විය. 

මෙයට සමගාමීව අද දින මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම වෙළද සැල් වසා දමා ව්‍යාපාරිකයන් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලබන ආකාරය දැකගත හැකිය.

වාර්තාකලේ චමින්ද ජයසේකර
ඡායාරූප - නාමල් දර්ශන හේරත්

Saturday, March 26, 2016

Young storytellers from Matara in search of community issues


A participatory video storytelling program for 20 young video makers from Matara district was organized by SDJF in partnership with Prathiba Media Network. 

The first training of this program was held from 9th to 11th January 2015 at the Rural Development and Management Training Centre, Dickwella in which the youth were given the knowledge on community video storytelling concept.
30

The second training workshop for the youth was held from 29th to 31st of January 2015 at Sri Lanka Unites Reconciliation Centre, Kamburupitiya. The training was conducted by Ruwan Bogamuwa and Ahmed Usama; two well known Senior Producers in Sri Lanka.
During the first day of the training the youth were given the knowledge on basic shots, angles and lighting for video production. They were engaged in practical sessions to practice these techniques and were given group exercises to explore their technical skills in order to produce community videos.
24
On the second day of the training the youth were divided in to four groups and were sent on a field visit to engage themselves in doing a video on a community issue. These community issues were brought up by the youth themselves by doing research after the first training. Field visits were done in areas like Karaputugala, Mirissa, Madiha and Kamburupitiya.
The final day of the training was used to edit the community videos. Youth acknowledged that they were able to gain a sound knowledge about the technical component of video storytelling and also the field visit was a very big turning point in their life as they were able to work along with the communities to present their stories through a mechanism like video storytelling.
The final training of this program will be held from 20th to 22nd of February in which 10 community videos will be finalized by the young video lovers.
07