"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Monday, October 26, 2015

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී බලපෑම අවම කිරීම සදහා ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමයෙන් (FPA Sri Lanka) වැඩසටහන් රැසක්




සටහන - ප්‍රදීප් රුවන් කුමාර 
මානව ජන සමාජය තුල ජීවත්වන මිනිසුන් හට විවිධ වූ අරමුණු, සිහින, අපෙක්ෂාවන් ආදී විවිධ අවශ්‍යතාවයන් තිබේ. මෙකී අවශ්‍යතාවයන් ඉටකර ගැනීම සදහා විවිධ ක්‍රියාකාරකම් හි නියැලෙන මිනිසුන් ඒ තුලින් සතුටක් සැනසීමක් අපෙක්ෂාකරනු ලැබේ. මේ ලොව බිහිවන සෑම මිනිසකු වගේම තිරිසන් සත්ත්වයින් පවා තම ප්‍රජාව බිහිකර ගැනීමට වගේම ජීවිතයේ සතුට සැනසීම උදාකර ගැනීම සදහා උපයෝගීකර ගන්නා ක්‍රියාකාරකමක් ලෙස ලිංගික ක්‍රියාවලිය හැදින්වීමට පුළුවනි. එය සැබෑ කායික හා මානසික අවශ්‍යතාවයක් ලෙස ද හැදින්වීමට පුළුවනි. ලොව පවතින විවිධ සංස්කෘතික සමාජ තුල ඒ ඒ ලිංගික කාර්යයන් ඉටුකර ගන්නේ කෙසේද යන්න සමාජීය නිර්වචනයන් ඉදිරිපත්කර තිබෙන බවද දක්නට ලැබේ. කෙසේ වෙතත් ලිංගිකත්ත්වය පිළිබද හැගීම් කාහට කොහොම කොතැනකදී ඇතිවේදැයි පැවසීමට නොහැකිය. එවැනි වූ හැගීම් හදවතතුල ජනිත වූ පසු එම අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට සුදුසු සහකරුවකු හෝ සහකාරියක තෝරාගැනීම, සුදුසු ස්ථානයක් තෝරාගැනීම ඒ සදහා විවිද උපක්‍රම භාවිතා කිරීම සිදුකරමින් තම අවශ්‍යතාවයන් අපෙක්ෂාවන් ඉටුකර ගැනීමට මිනිසුන් කටයුතු කරයි.

කෙසේ වෙතත් වර්තමානයේදී මෙම ලිංගිකත්වය පිළිබදව ඉතා ගැඹුරින් කරුනු විග්‍රහ කිරීමට හේතු සාධක උදාවී තිබේ. විශේෂයෙන්ම ලිංගිකත්ත්වය පදනම් කරගෙන ජන සමාජය තුල ශාරීරික, මානසික, කායික සහ සංස්කෘතිකමය වශයෙන් ගැටළු රැසක් මතුවී ඇත. වර්තමානය වන විට ලිංගිකත්ත්වය පදනම් කර ගත් විවිද සමාජ රෝග ලොව පුරා පැතිරීම  ඉහළයමින් පවතී. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේද ඉතා බහුලව දක්නට ලැබෙන අතර ඒ අතරින් එච්.අයි.වී ආසාධනය වීම වැනි රෝගී තත්ත්වයන් පැතිරීයාම කණගාටුවට කරුණක් වන අතර එම තත්ත්වයන් මැඩ පැවැත්වීම සදහා ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය (FPA Sri Lanka)  ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අගය කල යුතුය.

ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය (FPA Sri Lanka)  දකුණු ආසියානු රටවල ගෝලීය එච්.අයි.වී වැඩසටහනේ (GFMSA) ප්‍රධාන පාර්ශවකරුවකු මෙන්ම, එම වැඩසටහන සමග සහයෝගීතාවයකින් යුතුව කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් අටක ක්‍රියාත්මක වෙමින් පවතී.
එච්.අයි.වී/ඒඩ්ස් ක්ෂය රෝගය සහ මැලේරීයාව මර්ධනය සදහා වූ ගෝලීය අරමුදල (GFTAM) මගින් මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබයි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ප්‍රජා පද්ධති සවිබල ගැන්වීම මගින් පිරිමින් සමග ලිංගික සබදතා පවත්වන පිරිමි (MSM) සහ සංක්‍රාන්තික සමාජභාවී (TG) පුද්ගලයින්ට එච්.අයි.වී මගින් ඇතිවන්නා වූ බලපෑම සහ අවධානම අවම කිරීමයි.

එච්.අයි.වී සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකිරීමේදී ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්වී ඇති පුද්ගලයින්ට එච්.අයි.වී වැළදීමට හෝ ඔවුන් මගින් එච්.අයි.වී සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඉහළ මට්ටමක පවතී. මෙම පුද්ගලයින්ට එච්.අයි.වී වැළැක්වීමේ සේවාවන් ලබා ගැනීමට ඇති හැකියාව අවම මට්ටමක පවතින්නේ බොහෝවිට ඔවුන් සමාජයෙන් කොන්කිරීමත්, වෙනස්කොට සැලකීමත් නිසාය. එම නිසා පොදුවේ සියළුම දෙනාට විවිධ වෙනස්කම්වලට භාජනය නොකොට එච්.අයි.වී සේවාවන් ලබාදීමටත් ඒ සදහා ජනතා මතයන් ගොඩනැගීමත් අරමුණුකර ගනිමින් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය (FPA Sri Lanka)  විවිධ පියවරයන් ගැනීම සහ එම පියවරයන් ක්‍රියාත්මක කිරීම සිදුකරමින් පවතී.

මේ පිළිබදව ඉදිරියේදී ප්‍රජාව වෙත වැඩි තොරතුරු ලබාදීම අරමුණුකර ගනිමින්  මාධ්‍ය අධිවාචන කණ්ඩායමක් සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය (FPA Sri Lanka)පියවරගෙන ඇත. ඒ හි පළමු මාධ වැඩමුළුව පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින කොළඹ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගම් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

එම වැඩසටහන් මගින් ලබාදෙනු ලබන තොරතුරු සහ දැනුම ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජාව වෙත ලබාදීම සදහා ප්‍රතිභා මාධ්‍ය එකමුතුව කටයුතු කරනු ලබයි.  

(2015 සැප්තැම්බර් මස 30 වැනි දින ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය මගින් පවත්වනු ලැබූ පළමු ජනමාධ්‍ය අධිවාචන කණ්ඩායම් පුහුණු වැඩමුළුව ආශ්‍රයෙන් මෙම ලිපිය සම්පාදනය කරන ලදී.) 



FPA Sri Lanka conducted a media workshop for a core group of 25 media persons trained under the Multi-Country South Asia Global Fund HIV Programme with the objective of creating a #stigma and #discriminationfree society by creating a positive trend of ethical and responsible reporting of issues relating to #SOGIE(Sexual Orientation and Gender Identity and Expression), #HumanRights and #HIV. The group of media persons represented Sinhala and English medium; print, electronic and social media.

Dr. Prathiba Mahanamahewa(the former Commissioner of Human Rights Commission of Sri Lanka) spoke on “Human Rights situation in relation to #LGBT persons in #LKA” and Senior Superintendent of Police for the Colombo North Division, Mr. Ajith Rohana did a session on "Progress made by Law Enforcement authorities in HIV prevention among key populations" 

The Director of Advocacy and HIV/AIDS – Ms Madu Dissanayake, made a presentation on #youth#CSEand #SOGIE in addition to chairing a panel discussion with community members who also participated in the workshop.