"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, November 9, 2012

විපරම නොවැම්බර් කලාපය දැන් පිටවුනා...



  • දරුවන්ගේ විවාහය තීන්දු කිරීම‍ට‍ පෙර දෙමව්පිය අවදානයට කරුණු රැසක්...

  • පුවත් පත් දැන්වීම් මගින් ඔබ රවටන වශී ගුරුකම්...

  • ජීවීන්ට අහිතකර දේශගුණික විපර්යාස...

  • රබර් කිරි කපන්නන්ගේ ජීවිකාව...

  • HIV පිළිබදව දැනුවත් වෙමු - එයින් සුරැකෙමු...


ඇතුළු තවත් විශේෂාංග රැසක් මෙවර විපරම කලාපයේ

විපරම - ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ප්‍රකාශනයක්

Thursday, November 8, 2012

මේ විශේෂ නිවේදනය දකුණ, ඌව, සබරගමුව හා අම්පාර පළාත්වල සිටින ඔබටයි....




රේඩියෝවක් දිනා ගන්න ලබන ඉරිදා උදේ 11.00ට 107.3 FM හෝ 107.5 FM ඔස්සේ රුහුණු ගුවන් විදුලියට සවන් දෙන්න.


ලිංගික හා ප්‍රජනක  සෞඛ්‍යය සහ HIV අතර සම්බන්ධතාවය පිළිබදව                     දැනුවත් කෙරෙන ගුවන් විදුලි වැඩසටහන


 සුවසරණී...

සෑම මසකම දෙවන  හා සිව්වන සතියේ ඉරිදා දිනවල පෙ.ව 11.00 ට 107.3 FM හෝ 107.5 FM ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු ගුවන් විදුලියෙන්...

සුවසරණී...
ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ඉදිරිපත් කිරීමක්...

දායකත්වය,
යුරෝපා සංගමය(EU)
මව්පිය භාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය (IPPF - SARO) 

WORKSHOP ON STRENGTHENING MEDIA TO BUILD MOMENTUM FOR SRH HIV INTEGRATION



ලිංගික හා ප්‍රජනක  සෞඛ්‍යය සහ HIV අතර සම්බන්ධතාවය පිළිබදව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්...

ජනමාධ්‍ය පුහුණු වැඩමුළු 03 ක් සහ ගුවන් විදුලි වැඩසටහන් මාලාවක්...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ‍සංවිධානත්ව‍යෙන් ලිංගික හා ප්‍රජනක  සෞඛ්‍යය සහ HIV අතර සම්බන්ධතාවය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීම‍ට කටයුතු යොදා ඇත.

ඒ අනුව ලිංගික හා ප්‍රජනක  සෞඛ්‍යය සහ HIV අතර සම්බන්ධතාවය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සිදුකළ යුත්තේ කෙසේද යන්න පිළිබදව මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් 03 ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එහි පළමු පුහුණු වැඩමුළුව පසුගිය ඔක්තෝම්බර් මස 21 වනදින මාතරදී සාර්ථකව පවත්වන්නට යෙදුනි. මාතර දිස්ත්‍රික්කයේ ක‍ටයුතු කරනු ලබන වෘත්තීය ජනමාධ්‍යවේදීන් 21 දෙනෙක් මෙම වැඩසටහනට සහභාගිවිය. ලිංගික හා ප්‍රජනක  සෞඛ්‍යය සහ HIV අතර සම්බන්ධතාවය කෙබදූද, දැනට මේ සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන තත්ත්වය පිළිබදව න්‍යායාත්මක හා ප්‍රායෝගිකව පුළුල් දැනුමක් ලබාගැනීමට ජනමාධ්‍ය‍වේදීන්ට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන  සංගමයේ පුර්ණ දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට හැකියාව ලැබුනි. ලබා ගත් දැනුම ආශ්‍රයෙන් ජාතික පුවත් පත් සදහා විවිධ තොරතුරු වාර්තා  කිරීමද වැඩමුළුවට සහභාගිවූ ජනමාධ්‍යවේදීන් විසින් සිදුකරන ලදී.





ජනමාධ්‍යවේදීන් පළමු පුහුණු වැඩමුළුව‍ට සහභාගිවී සිටි අයුරු...

මෙම ව්‍යාපෘතිය යටතේ විශේෂ ගුවන් විදුලි වැඩසටහන් 05 ක් නිෂ්පාදනයකර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු ගුවන් විදුලිය ඔස්සේ සෑම මසකම දෙවන හා සිව්වන සතියේ ඉරිදා දිනවල පෙ.ව 11.00 සිට 11.30 දක්වා ප්‍රචාරය කිරීමට කටයුතු  යොදා ඇත. සුවසරණී නමින් නම් කර තිබෙන මෙම ගුවන් විදුලි වැඩසටහන් 05 නිර්මාණය කරනු ලබනුයේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන් විසිනි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා යුරෝපා සංගමය(EU), මව්පිය භාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය (IPPF - SARO) සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ (FPA)    පූර්ණ දායකත්වය ලැබී තිබේ.