ලොව සැමරීම් අතරින් වසරේ පළමුවෙන්ම සමරනු ලබන දිනයක් බවට ආදරවන්තයන්ගේ දිනය පත්ව තිබේ. පෙබරවාරි 14 වනදා පෙන්වතුන්ගේ දිනය බවට පත්ව තිබේ. වර්තමානය වන විට මේ දිනය ලොව ජනතාව අතර ඉතා ජනප්‍රියම දවසක් බවට පත්ව ඇත. බටහිරින් පෙරදිගට සංක්‍රමණය වූ මෙම දිනය ලංකාව වැනි පෙරදිග සංස්කෘතික හා සදාචාරාත්මක ලක්ෂණ ඇති රටටකට කෙතරම් දුරට ගැලපේද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ. මේ පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා තරුණ තරුණියන් සහ පෙන්වතුන් වැඩි වශයෙන් ගැවසෙන මාතර නගරයේමුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරයක නියැලුනි. එහිදී අපට මුණ ගැසුන තරුණ තරුණියන් වැඩි දෙනෙකු අදහස වූයේ ආදරවන්තයන්ගේ දිනයක් යනුවෙන් විශේෂිත දිනයක් අවශ්‍ය නොවන බවත් මේ තුලින් ව්‍යාපාරිකයන් පොහොසත් වන බව ඔවුන්ගේ මතය වී තිබේ.
"ඇත්තටම මේ වගේ දවසක් අපට වැඩක් නැහැ. අපි හැමදාම හමුවෙලා කථාකරනවා. දෙන්නට දෙන්නා අවබෝධයෙන් සතුටින් ඉන්නවා. ඉතින් විශේෂිත දවසක් අපට වැඩක් නැහැ. මේකෙන් හැදෙන්නේ ව්‍යාපාරිකයන් විතරයි" මාතර මුහුදු වෙරළේදී හමුවූ සුභාෂිණි කාවින්දි පැවසුවාය.
ආදරය වන්තයන්ගේ දිනය පිළිබදව දෙමව්පියන් තුල එතරම් පැහැදීමක් නොමැත. ඔවුන් පවසනුයේ මෙම දිනය සැමරීමට යාමෙන් දරුවන් තම ආනගත ජීවිතයට පවා හානි කරගන්නා බවකි.
" මෙහෙම දිනයක් අවශ්‍ය නැහැ. දැන් බලන්න පාසල් යන දරුවො පවා මේ දිනය සමරන්න යොමුවෙලා. මෙතනම බලන්න පාසල් යන වයසේ ඉන්න තරුණ ජෝඩූ කීයක් විතර දැනුත් ඉන්නවද කියලා. මේකෙන් වෙන්නේ දරුවන් නොමග යවන එක. ඒක නිසා මේවගේ දිනයන් වැඩි පුර උලුප්පල පෙන්වන එකෙන් වෙන්නේ විශාල සමාජ හානියක්." මාතර මුහුදු වෙරළ ආසන්නයේදී හමු වූ සිරියාවතී රත්නායක මහත්මිය පැවසුවාය.
මෙම දිනය තරුණ තරුණියන්ගේ දිනයක් බවට පමණක් පත්වී ඇති බව තරුණ සමාජ ක්‍රියාකාරිකයෙක් වන අජිත් ප්‍රසංග පැවසීය " ඇත්තට දැන් මේ දිනය වාණිජකරනය වෙච්ච දවසක්. කාඩ් තියෙනවා මල් තියෙනවා නොයෙකුත් වර්ගයේ තෑගි තියෙනවා. මාධ්‍යයෙනුත් ලොකු ප්‍රචාරයක් දෙනවා. දැන් බලන්න අපේ අම්මා තාත්තා, ගුරුවරුන් ඒ අයටත් අපි ආදරය කරනවා. හැබැයි ඒ අය සමරන්න දිනයකුත් තියෙනවා. ඒ දිනයවත් දැන් ඉන්න අයට මතක නැහැ. මේ ආදරවන්තයන්ගේ දිනයේදී ඒ අය සමරන්නත් පුළුවන් දරුවො විදියට අපිට. හැබැයි ඒක දකින්න නැහැ කොතනකවත්. මේ දිනය දැන් මේ වෙලා තියෙන්නේ පෙන්වතුන්ගේ දිනයක් විතරයි. මේකට ආදරවනත්යන්ගේ දිනයක් කියල කියන්න බැහැ කියන මතයෙයි මම ඉන්නේ"අජිත් පැවසීය.
මෙම දිනය නිසා වැඩි වශයෙන් වාසි අත්වී තිබෙන්නේ ව්‍යාපාරිකයන්ට බව හිටපු රජයේ නිළධාරිවරියක් පැවසීය. ඇය පවසන අයුරින් ව්‍යාපාරිකයන් තරුණ ප්‍රජාව වෙනුවෙන් අලෙවිකරනු ලබන භාණ්ඩ හා සේවා වැඩි වශයෙන් අළෙවිකිරීම සදහා මෙම දිනය උපක්‍රමයක් ලෙස යොදාගනු ලබන බව පවසයි. "මේම දිනය ව්‍යාපාරිකයන්ගේ දිනයක් බවට පත්වෙලා. මෙදාට වෙන්න ඕන මම විශ්වාස කරන විදියට සියළුම තරුණ තරුණියන් එකතුකරල ආගමික වැඩසටහන්වලට යොමුකරන එක තමයි" නම හෙලිකිරීමට අකමැතිවුන එම නිළධාරිතුමිය පැවසුවාය.
සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටක මෙම දිනය සැමරිය යුත්තේ, ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් මෙම දිනය ජාතික තරුණ දිනයක් බවට පත්කර ඔවුන් මේරටේ අනාගත සංවර්ධන ඉලක්ක ජයගත හැකි අයුරින් ඉදිරියට ගෙනයාමේ දර්ශණනක් තුලත් ,එමගින් ඔවුන්තුල යහපත් හුරුපුරුදු යහපත් චේතනාවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩසහනක් ක්‍රියාත්මක කිරීම තුල පමණක් බව තරුණ සංවර්ධනය පිළිබද හෙල්දි ලංකා ආයතයේ ප්‍රාදේශීය සම්බන්ධීකරන නිළධාරිවරයෙක්වන ඉන්ද්‍රජිත් ගමගේ මහතා පැවසීය.
සැබැවින්ම ආදරවන්තයන්ගේ දිනයෙහි නියම අර්ථය කුමක්ද. මෙම දිනයට වැලන්ටයින් කියන නම භාවිතයට යෙදුනේ එංගලන්තයෙන්. මීට වසර සියගණකට පෙරදී එංගලන්තයේ රජමාලිගයෙන් එවකට පැවතුණ යුද්ධය නිසා තරුණ තරුණියන්ට විවාහ වීමට අවසර ලබාදී නොමැත. මෙම නීතියට විරුද්ද වෙමින් වැලන්ටයින් නම් පූජකවරයෙක් පැවති නීතියට හොරා තරුණ තරුණියන් විවාහ කිරීමේ කටයුතු සිදුකර තිබේ. එම වැලන්ටයින් පූජකතුමා ජීවිතක්ෂයට පත්කරන ලද්දේ පෙබරවාරි 14 වැනිදාය. එබැවින් මෙම දිනය සැමරිය යුත්තේ ආදරවන්තයින් සැමරීමටද නැතහොත් මියගිය වැලන්ටයින් පූජක වරයා සිහිපත් කිරීමටද යන්න තවදුරටත් සිතා බැලිය යුතුය.
කෙසේ වෙතත් මෙම දිනය ව්‍යාපාරිකයන් පොහොසත් කරනු ලබන දිනයක් බවට පත්ව තිබීම සිදුවී හමාරය. කෙසේ වුවද දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටක මෙම දිනය සැමරීමට නිසි අවබෝධයකින් කටයුතු කරනවානම් එය සැමගේ අනාගත යහපතට හේතුවක් විය හැකිය.