"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" Get Sinhala Font... Click The Link .Photobucket ආයුබෝවන්..

Sunday, May 29, 2011

යහපත් පවුල් දිවියක් උදෙසා නායකත්වය

යහපත් පවුල් දිවියක් ගතකරමු....

යහපත් පවුල් දිවියක් උදෙසා නායකත්වය මැයෙන් මෑතකදී විවාහ දිවියට පත් නවක පවුල් සදහා යහපත් පවුල් දිවියක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබදව එම පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ නායකත්ව වැඩමුළුවක් ‍මැයි මස 30 සහ 31 යන දෙදින තුල කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යහපත් පවුල් දිවියක් ගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව විසිනි.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ නිවේදන

මානුෂීය නීතිය පිළිබදව ප්‍රදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.


ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී පුහුණු වැඩමුළුව.
හම්බන්තොට


මානුෂීය නීතිය සහ මානුෂීය වාර්තාකරනය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2011 මැයි මස 28 වන දින හම්බන්තොට පීකොක් හෝටලයේදී පැවැත්වුනි.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ජනමාධ්‍ය පර්ෂදය විසිනි.

මානුෂීය නීතිය යනු කුමක්ද යන්න පිළිබදව පුළුල් අවබෝධයක් මෙහිදි පුහුණු ලාභින්ට ලැබුනි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ‍ශ්‍රී ලංකාවේ සහ විදේශිය රටවලදී සිදුකරන ලද සේවාවන් පිළිබදව මෙහිදී දැනුවත් කරන ලද අතර පසුගිය කාලය තුල ලංකාවේ මානුෂීය නීතියට අනුව ක්‍රියාත්මකවූ ආකාරය පිළිබදව මෙහිදී පුළුල්ව සාකච්ඡාකරන ලදී.

මානූෂීය නීතියට අනුව වාර්තකරනය කල යුතු වන්නේ කෙසේද යන්න පිළිබදව මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කටයුතු කෙරෙනි. මෙම වැඩසටනේ දේශන කටයුතු සදහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා කර්යාලයේ සංනිවේදන නිළධාරී සූමේද ද සිල්වා. ප්‍රවෘත්ති නිළධාරිනී සරසි විජේරත්න. ප්‍රවීන මාධ්‍යවේදී සුජීව දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගි විය.

මෙම වැඩමුළුව අවසානයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට සිය ‍වෘත්තීය කුසලතා වැඩි දියුණු කර ගැනීම සදහා වැදගත් වූ බවත් ඉදිරියේදී මෙම මාධ්‍යවේදීන්ගේ‍ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සදහ තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බව ජනමාධ්‍ය පර්ෂ‍දයේ ලේකම් රෝහණ සිරිවර්ධන මහතා පැවසීය.


ගයාන් සම්පත් දසනායක
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව