"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, October 28, 2011

විපරම පුවත් පතට

ඉහළ පාඨක ප්‍රතිචාරයක්...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් ක්‍රියාත්මක කරන ලද විපරම පුවත් පතේ පළමු කළාපය සදහා ඉහල පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතී. මේවන විට කඹුරුපිටිය, මුලටියන සහ තිහගොඩ ප්‍රදේශවල මෙම පුවත් පත ප්‍රචිලිත වී ඇත.

විපරම පුවත් පතේ දෙවන කලාපය නොවැම්බර්/දෙසැම්බර් ලෙස ඉදිරියේදී පළකිරීමට නියමිතව තිබේ.

කඹුරුපිටිය කොට්ඨාශයේ නිවාරණ වැස‍ටහන් ඉතා සාර්ථකයි

කඹුරුපිටිය කොට්ඨාශයේ හෙල්දි ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් කඹුරුපිටිය කොට්ඨාශය තුල සිදුකරන මත්ද්‍රව්‍ය නිවරණ වැඩසටහන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ජ්‍යේෂ්ඨ උපදේශක , හෙල්දිලංකා ආයතනයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඉන්ද්‍රජික් ගමගේ මහතාගේ මෙහෙයවීම මත මෙම වැඩසටන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. දැනට ඌරපොල නැගෙනහිර, ගෝදාව, කහගල දකුණ, උල්ලල, කරපුටුගල සහ කරගොඩ උයන්ගොඩ ග්‍රාමනිළධාරී වසම්වල මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මේයට සමගාමීව 4u තරුණ සමාජ, ළමා සමාජ සහ කාන්තා සමිති සදහා වැඩි සහභාගිත්වයක් දැකගත හැකිය.

මේවන විට මෙම ප්‍රදේශවල ජනතාවට මත්ද්‍රව්‍ය නිරාවරණය කිරීම පිළිබදව පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබා දී තිබේ.

මෙම වැඩසටහන සිදුකිරීම යුගයේ අවශ්‍යතායක් බවද ග්‍රාමීය තරුණ තරුණියන් මේ සදහා උනන්දුවෙන් සහභාගිවීම ඉතාමත් අගයකරන බව ඌරපොල නැගෙනහිර වසමේ කාන්තාවන් දැනුවත් කිරීමේ අවස්ථාවට පසුගිය 25 වන දින සහභාගිවූ ප්‍රවීන රංගන ශිල්පිනි රත්නා සුමනපාල මහත්මිය පැවසුවාය.

උපුල් සමීර ලොකුගමගේ

විශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන


සාර්ථකව අවසන් කෙ‍රේ...


මී උණ පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සදහා කඹුරුපිටිය නගරය තුල දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ බස්රථ, ත්‍රී‍රෝද රථ සහ වෙළදසැල්වල දැනුවත් කිරීමේ ස්ටිකර් අලවීමේ වැසටහනක් 2011 ඔක්තෝම්බර් මස 02 දින කඹුරුපිටිය නග‍රයේදී සිදුකෙරෙනි.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකරන ලද මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන් සහභාගි විය.

මෙම වැඩසටහනට සමගාමී මී උණ රෝගය සහ ඩෙංගු උණ රෝගය පිළිබදව ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඔක්තෝම්බර් මස 03 දින සිට 07 දින දක්වා කඹුරුපිටිය, තිහගොඩ සහ මුලටියන කොට්ඨාශයන්හි පාසල් සහ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්විය.

ඩෙංගු උණ සහ මානසික ආතතිය පිළිබද කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය, මී උණ පිළිබද දැනුවත් කිරීම සහ මුඛ සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහට අයත්ව තිබුනි.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහ සම්බන්ධීකරන කර සංවිධානය කරන ලද්දේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගිනි. සී/ස ලින්ක් නැචුරල් පුද්ගලික සමා‍ගමේ පුර්ණ අනුග්‍රාහක දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වුන අතර, මෙම වැඩසටහ සදහා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබී තිබුනි.



කඹුරුපිටිය නගරය තුල මී උණ පිළිබදව දැනුවත් කිරීම් සිදුකර අයුරු..

යහපත් පවුල් දිවියක් සදහා නායකත්වය...


නවක පවුල්වල සාමාජිකයන්ට නායක්වය පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්....




මෑතකදී යුග දිවියටපත් කඹුරුපිටිය කොට්ඨාශයේ නවක පවුල්වල සාමජික සාමාජිකාවන් 30 ‍දෙනෙක් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2011 සැප්තැම්බර් මස 27 වන දින කඹුරුපි‍ටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේදී පැවැත්විය.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් පැවැති මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කරන ලද්දේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගිනි.

නායකත්වය හදුනා ගැනීම, පවුල තුල ගැටුම් නිරාකරනය, ස‍‍‍ටුතු පවුලේ මත්ද්‍රව්‍ය නිරාවරණය, උපදේශනය පවුලකට ඇති වැදගත් කම සහ පවුල තුල අයිතිවාසිකම් රැකෙන අයුරින් ක්‍රියාකල යුත්තේ කෙසේද යන්න පිළිබදවද නැමති තේමා යටතේ සභාගිවූවන්ට දැනුම ලබාදෙන ලදී.

මෙම පුහුණු වැඩමුළුවේ සම්පත් දායකයන් ලෙස මාතර කොටුව ජේසුස් වහන්සේ ඇදහිල්ලේ දෙව් මැදුරේ මිශම් පාලනාධිපති පූජ්‍ය ජී, එස්, කේ හේරත් පියතුමා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරන නිළධාරී ඩී.එම්.ආර්. දිසානායක මහතා, මාතර ගුරු මධ්‍යස්ථානයේ වෘත්තීය මාර්ගෝපදේශන නිළධාරී, මාධ්‍යවේදී ජයසිරි පේදුරුආරච්චි මහතා සහ හෙල්දි ලංකා ආයතනයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඉන්ද්‍රජිත් ගමගේ මහතා සහභාගි විය.

මෙහි පුහුණුව ලැබූවන් කණ්ඩායම් ක්‍රයාකාරකම් නිරතවෙන අයුරු ඉහත ඡායාරූපවල දැක්වේ...

මී උණ පිළිබදව දැනුවත් කිරීම උදෙසා...

විශේෂ ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදන කෙරේ...



කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් මී උණ හෙවත් Leptospirosis පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා විශේෂ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී.

මී උණ පිළිබදව සමාජ දැනුවත් භාවය, මි උණ ‍වැළදුන රෝගියෙකුගේ අත්දැකීම්, මී උණ පිළිබද වෛද්‍ය විද්‍යාත්මක සාකඡ්ඡාවක් වගේම මී උණ රෝගය පාලනය කිරීම සදහා ප්‍රජාවේ දායකත්වය පිළිබදව ඉතා පුළුල් ලෙස මෙම වැඩසටහන තුලින් ඉදිරිපත් කෙරිනි.

මාතර මහ රෝහලේ වසංගත රෝග පිළිබද වෛද්‍ය රංග චන්ද්‍රසේන, කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රෝහණ විජේනායක, කඹුරුපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්, එන් විජේසිරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්, එන්, එච් නිහාල් යන මහත්වරු මෙම වැඩසටහ සදහා සම්පත් දායක්වය ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේ පිටපත, ඉදිරිපත් කිරීම සහ වැඩසටහන නිෂ්පාදනය කිරීම ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් සිදුකෙ‍රෙන අතර රුහුණු ගුවන් විදුලියේ ජ්‍යේෂ්ඨ නිවේදක අමිත් කරුණාරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරනයෙන් මෙම විශේෂ ගුවන් විදුලි වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු ගුවන් විදුලිය ඔස්සේ 2011 - 10 -12 වන දින ප.ව 4.00 ට ප්‍රචාරය විය.

Thursday, October 27, 2011

ප්‍රාදේශීය පුවත් පත් කලාවේ පෙරලියක්...

විපරම පුවත් පත සුභ මොහොතින් එළි දකී...



කඹුරුපිටිය මාධ්‍ය එකතුවේ තවත් ඉදිරි පියවරක් තබමින් විපර නමින් ප්‍රාදේශීය පුවත් පතක් පසුගිය සැප්තැම්බර් මස 02 දින සවස යෙදුන සුභ මොහොතින් එළි දැක්විය.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් සුවින්ද සිංගප්පුලි සමරකෝන්, මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කළ එලි මංගල්‍යය සදහා විද්වතුන්, ජනමාධ්‍යවේදීන් ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි විය.

"‍මේවන විට ර‍ටේ සංවර්ධනය ඉතාමත්ම වේගවත් අයුරින් සිදු කෙරෙනවා. මෙයට සමගාමීව ප්‍රාදේශීය මට්ටමේ ජනතාවත් නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වෙන්න ඕන. ඒ නිසා ප්‍රාදේශීය මට්ටමින් මේ තරුණ කණ්ඩායමක් ලෙස එකතුවෙලා මෙවැනි පුවත් පතක් ආරම්භකිරීම මම අගේ කොට සලකනවා. මේක තමයි විය යුත්තේ. හැම දේම කොළඹට විතරක් සීමා නොවී ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජා මූලිකව මෙවැනි දේ බිහිවෙන්න ඕන. ඒක සමාජ අවශ්‍යතාවයක් " කළ එලි දැක්මේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් කඹුරුපිටිය ප්‍රා‍දේශීය ලේකම් සුවින්ද සිංගප්පුලි මහතා පැවසීය.





ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය මැද උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කිරීම සහ
පැමිණිසිටි පිරිසෙන් කොටසක්...

ආරාධිතයන් විසින් පොල් තෙල් පහන දැල්වීම සහ
කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් ආරාධිත දේශනය සිදුකිරීම...

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ලහිරු සහ චතුරි උත්සව සභාව මෙහෙයවූ අයරු...


චතුරංග මධුෂංක ද සිල්වා
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.