"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, October 28, 2011

විපරම පුවත් පතට

ඉහළ පාඨක ප්‍රතිචාරයක්...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් ක්‍රියාත්මක කරන ලද විපරම පුවත් පතේ පළමු කළාපය සදහා ඉහල පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතී. මේවන විට කඹුරුපිටිය, මුලටියන සහ තිහගොඩ ප්‍රදේශවල මෙම පුවත් පත ප්‍රචිලිත වී ඇත.

විපරම පුවත් පතේ දෙවන කලාපය නොවැම්බර්/දෙසැම්බර් ලෙස ඉදිරියේදී පළකිරීමට නියමිතව තිබේ.

කඹුරුපිටිය කොට්ඨාශයේ නිවාරණ වැස‍ටහන් ඉතා සාර්ථකයි

කඹුරුපිටිය කොට්ඨාශයේ හෙල්දි ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් කඹුරුපිටිය කොට්ඨාශය තුල සිදුකරන මත්ද්‍රව්‍ය නිවරණ වැඩසටහන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ජ්‍යේෂ්ඨ උපදේශක , හෙල්දිලංකා ආයතනයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඉන්ද්‍රජික් ගමගේ මහතාගේ මෙහෙයවීම මත මෙම වැඩසටන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. දැනට ඌරපොල නැගෙනහිර, ගෝදාව, කහගල දකුණ, උල්ලල, කරපුටුගල සහ කරගොඩ උයන්ගොඩ ග්‍රාමනිළධාරී වසම්වල මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මේයට සමගාමීව 4u තරුණ සමාජ, ළමා සමාජ සහ කාන්තා සමිති සදහා වැඩි සහභාගිත්වයක් දැකගත හැකිය.

මේවන විට මෙම ප්‍රදේශවල ජනතාවට මත්ද්‍රව්‍ය නිරාවරණය කිරීම පිළිබදව පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබා දී තිබේ.

මෙම වැඩසටහන සිදුකිරීම යුගයේ අවශ්‍යතායක් බවද ග්‍රාමීය තරුණ තරුණියන් මේ සදහා උනන්දුවෙන් සහභාගිවීම ඉතාමත් අගයකරන බව ඌරපොල නැගෙනහිර වසමේ කාන්තාවන් දැනුවත් කිරීමේ අවස්ථාවට පසුගිය 25 වන දින සහභාගිවූ ප්‍රවීන රංගන ශිල්පිනි රත්නා සුමනපාල මහත්මිය පැවසුවාය.

උපුල් සමීර ලොකුගමගේ

විශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන


සාර්ථකව අවසන් කෙ‍රේ...


මී උණ පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සදහා කඹුරුපිටිය නගරය තුල දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ බස්රථ, ත්‍රී‍රෝද රථ සහ වෙළදසැල්වල දැනුවත් කිරීමේ ස්ටිකර් අලවීමේ වැසටහනක් 2011 ඔක්තෝම්බර් මස 02 දින කඹුරුපිටිය නග‍රයේදී සිදුකෙරෙනි.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකරන ලද මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන් සහභාගි විය.

මෙම වැඩසටහනට සමගාමී මී උණ රෝගය සහ ඩෙංගු උණ රෝගය පිළිබදව ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඔක්තෝම්බර් මස 03 දින සිට 07 දින දක්වා කඹුරුපිටිය, තිහගොඩ සහ මුලටියන කොට්ඨාශයන්හි පාසල් සහ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්විය.

ඩෙංගු උණ සහ මානසික ආතතිය පිළිබද කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය, මී උණ පිළිබද දැනුවත් කිරීම සහ මුඛ සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහට අයත්ව තිබුනි.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහ සම්බන්ධීකරන කර සංවිධානය කරන ලද්දේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගිනි. සී/ස ලින්ක් නැචුරල් පුද්ගලික සමා‍ගමේ පුර්ණ අනුග්‍රාහක දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වුන අතර, මෙම වැඩසටහ සදහා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබී තිබුනි.



කඹුරුපිටිය නගරය තුල මී උණ පිළිබදව දැනුවත් කිරීම් සිදුකර අයුරු..

යහපත් පවුල් දිවියක් සදහා නායකත්වය...


නවක පවුල්වල සාමාජිකයන්ට නායක්වය පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්....




මෑතකදී යුග දිවියටපත් කඹුරුපිටිය කොට්ඨාශයේ නවක පවුල්වල සාමජික සාමාජිකාවන් 30 ‍දෙනෙක් සදහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2011 සැප්තැම්බර් මස 27 වන දින කඹුරුපි‍ටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේදී පැවැත්විය.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් පැවැති මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කරන ලද්දේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගිනි.

නායකත්වය හදුනා ගැනීම, පවුල තුල ගැටුම් නිරාකරනය, ස‍‍‍ටුතු පවුලේ මත්ද්‍රව්‍ය නිරාවරණය, උපදේශනය පවුලකට ඇති වැදගත් කම සහ පවුල තුල අයිතිවාසිකම් රැකෙන අයුරින් ක්‍රියාකල යුත්තේ කෙසේද යන්න පිළිබදවද නැමති තේමා යටතේ සභාගිවූවන්ට දැනුම ලබාදෙන ලදී.

මෙම පුහුණු වැඩමුළුවේ සම්පත් දායකයන් ලෙස මාතර කොටුව ජේසුස් වහන්සේ ඇදහිල්ලේ දෙව් මැදුරේ මිශම් පාලනාධිපති පූජ්‍ය ජී, එස්, කේ හේරත් පියතුමා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරන නිළධාරී ඩී.එම්.ආර්. දිසානායක මහතා, මාතර ගුරු මධ්‍යස්ථානයේ වෘත්තීය මාර්ගෝපදේශන නිළධාරී, මාධ්‍යවේදී ජයසිරි පේදුරුආරච්චි මහතා සහ හෙල්දි ලංකා ආයතනයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඉන්ද්‍රජිත් ගමගේ මහතා සහභාගි විය.

මෙහි පුහුණුව ලැබූවන් කණ්ඩායම් ක්‍රයාකාරකම් නිරතවෙන අයුරු ඉහත ඡායාරූපවල දැක්වේ...

මී උණ පිළිබදව දැනුවත් කිරීම උදෙසා...

විශේෂ ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදන කෙරේ...



කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බන්ධීකරනයෙන් ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් මී උණ හෙවත් Leptospirosis පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා විශේෂ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී.

මී උණ පිළිබදව සමාජ දැනුවත් භාවය, මි උණ ‍වැළදුන රෝගියෙකුගේ අත්දැකීම්, මී උණ පිළිබද වෛද්‍ය විද්‍යාත්මක සාකඡ්ඡාවක් වගේම මී උණ රෝගය පාලනය කිරීම සදහා ප්‍රජාවේ දායකත්වය පිළිබදව ඉතා පුළුල් ලෙස මෙම වැඩසටහන තුලින් ඉදිරිපත් කෙරිනි.

මාතර මහ රෝහලේ වසංගත රෝග පිළිබද වෛද්‍ය රංග චන්ද්‍රසේන, කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රෝහණ විජේනායක, කඹුරුපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්, එන් විජේසිරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්, එන්, එච් නිහාල් යන මහත්වරු මෙම වැඩසටහ සදහා සම්පත් දායක්වය ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේ පිටපත, ඉදිරිපත් කිරීම සහ වැඩසටහන නිෂ්පාදනය කිරීම ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් සිදුකෙ‍රෙන අතර රුහුණු ගුවන් විදුලියේ ජ්‍යේෂ්ඨ නිවේදක අමිත් කරුණාරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරනයෙන් මෙම විශේෂ ගුවන් විදුලි වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු ගුවන් විදුලිය ඔස්සේ 2011 - 10 -12 වන දින ප.ව 4.00 ට ප්‍රචාරය විය.

Thursday, October 27, 2011

ප්‍රාදේශීය පුවත් පත් කලාවේ පෙරලියක්...

විපරම පුවත් පත සුභ මොහොතින් එළි දකී...



කඹුරුපිටිය මාධ්‍ය එකතුවේ තවත් ඉදිරි පියවරක් තබමින් විපර නමින් ප්‍රාදේශීය පුවත් පතක් පසුගිය සැප්තැම්බර් මස 02 දින සවස යෙදුන සුභ මොහොතින් එළි දැක්විය.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් සුවින්ද සිංගප්පුලි සමරකෝන්, මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කළ එලි මංගල්‍යය සදහා විද්වතුන්, ජනමාධ්‍යවේදීන් ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි විය.

"‍මේවන විට ර‍ටේ සංවර්ධනය ඉතාමත්ම වේගවත් අයුරින් සිදු කෙරෙනවා. මෙයට සමගාමීව ප්‍රාදේශීය මට්ටමේ ජනතාවත් නොයෙකුත් ක්‍රියාකාරකම්වල නිරත වෙන්න ඕන. ඒ නිසා ප්‍රාදේශීය මට්ටමින් මේ තරුණ කණ්ඩායමක් ලෙස එකතුවෙලා මෙවැනි පුවත් පතක් ආරම්භකිරීම මම අගේ කොට සලකනවා. මේක තමයි විය යුත්තේ. හැම දේම කොළඹට විතරක් සීමා නොවී ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජා මූලිකව මෙවැනි දේ බිහිවෙන්න ඕන. ඒක සමාජ අවශ්‍යතාවයක් " කළ එලි දැක්මේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් කඹුරුපිටිය ප්‍රා‍දේශීය ලේකම් සුවින්ද සිංගප්පුලි මහතා පැවසීය.





ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය මැද උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කිරීම සහ
පැමිණිසිටි පිරිසෙන් කොටසක්...

ආරාධිතයන් විසින් පොල් තෙල් පහන දැල්වීම සහ
කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් ආරාධිත දේශනය සිදුකිරීම...

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ ලහිරු සහ චතුරි උත්සව සභාව මෙහෙයවූ අයරු...


චතුරංග මධුෂංක ද සිල්වා
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.

Tuesday, August 23, 2011

විපරම


කලඑළි දැක්මට ඔබටත් ආරාධනා...



ප්‍රාදේශීය මාධ්‍ය කරනයට නව අරුතක් එක්කරමින්
ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ අපි,
තවත් අළුත් වැඩකට මුල පිරුවා...

ඒ තමයි,
විපරම
නමින් ප්‍රජා මුලික ප්‍රාදේශීය පුවත් පතක් ආරම්භ කරන්න
කටයුතු කරපු එක...

2011 සැප්තැම්බර් මස 02 වැනි සිකුරාදා දින
සවස 2.30 ට යෙදෙන සුභ මොහොතින්
කඹුරුපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී


විපරම පුවත්පතේ
මංගල කලඑළි දැක්ම සිදුකෙරෙනවා...

එම සුභ මොහොතට
පැමිණ සහභාගිවෙලා
අපේ මේ මාධ්‍ය ගමනට
ශක්තියක්, ආශිර්වාදයක් ලබාදෙනමෙන්
ඔබටත්‍
සෙනෙහසින් අපි

ආරාධනා කර සිටින්නෙමු...



අපි
විපරම සංස්කාරක කණ්ඩායම
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව...

Thursday, August 18, 2011

නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...

විපරම එළි දකී...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව තවත් ඉදිරි පියවරක් තබමින් විපරම නමින් පුවත් සගරාවක් මාසිකව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

ආර්ථික, සාමාජීය, සංස්කෘතික තොරතුරු ඇතුලත් මෙම පුවත් පත මාධ්‍ය කරනයට උනන්දුවක් හා ඇල්මක් දක්වන ආධුනිකයන් කණ්ඩායමකගේ උත්සාහයක ප්‍රතිඵලයකි.

විපරම පුවත් පතේ මංගල කලාපය සැප්තැම්බර්/ඔක්තෝම්බර් කලාපය ලෙස අගෝස්තු මස අවසාන සතියේ දිනයකදී එළිදැක්වීමට කටයුතු යොදා තිබෙන බව විපරම පුවත් සගරාවේ අලෙවි කළමණාකරු උපුල් සමීර ලොකු‍ගමගේ මහතා පැවසීය.


රජීත විරාජ්
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Tuesday, July 12, 2011

මාධ්‍ය එකමුතුවෙන් අලුත් වැඩක් ලගදීම.

නවකයන්ට අවස්ථාවක්...


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් නවතම පුවත් පතක් පලකිරීමට කටයුතු සංවිධානකර ඇත. ප්‍රාදේශීය වශයෙන් වැදගත් කාලීන, සංස්කෘතික, සාමාජීය කරුණු ඇතුලත් කිරීමට මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. එ‍මෙන්ම ප්‍රදේශීය විකල්ප පුවත් පතක් ලෙස මාතර දිස්ත්‍රික්කය තුල සිදුවන කාලීන සිදුවීම් වාර්තා කිරීමටද මෙහිදී අදහස් කර ඇත.


මාතර දිස්ත්‍රික්කයේ විසීරී සිටින නවක ලේඛකයන්ට මෙම පුවත් පත සදහා ලිපි ලිවීමට‍ අවස්ථාව ලබාදීමට ප්‍රතිභා මාධ්‍ය එකමුතුව අදහස් කර තිබේ.

මාසික පුවත් පතක් ලෙස මාසිකව ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන මෙම පුවත් පත පිළිබද ඔබේ අදහස් හා යෝජනා pmn.srilanka@gmail.com නැමති විද්‍යුත් ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු‍.


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...

Sunday, May 29, 2011

යහපත් පවුල් දිවියක් උදෙසා නායකත්වය

යහපත් පවුල් දිවියක් ගතකරමු....

යහපත් පවුල් දිවියක් උදෙසා නායකත්වය මැයෙන් මෑතකදී විවාහ දිවියට පත් නවක පවුල් සදහා යහපත් පවුල් දිවියක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබදව එම පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ නායකත්ව වැඩමුළුවක් ‍මැයි මස 30 සහ 31 යන දෙදින තුල කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යහපත් පවුල් දිවියක් ගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ කඹුරුපිටිය සවුක්ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව විසිනි.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ නිවේදන

මානුෂීය නීතිය පිළිබදව ප්‍රදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.


ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී පුහුණු වැඩමුළුව.
හම්බන්තොට


මානුෂීය නීතිය සහ මානුෂීය වාර්තාකරනය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2011 මැයි මස 28 වන දින හම්බන්තොට පීකොක් හෝටලයේදී පැවැත්වුනි.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ජනමාධ්‍ය පර්ෂදය විසිනි.

මානුෂීය නීතිය යනු කුමක්ද යන්න පිළිබදව පුළුල් අවබෝධයක් මෙහිදි පුහුණු ලාභින්ට ලැබුනි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ‍ශ්‍රී ලංකාවේ සහ විදේශිය රටවලදී සිදුකරන ලද සේවාවන් පිළිබදව මෙහිදී දැනුවත් කරන ලද අතර පසුගිය කාලය තුල ලංකාවේ මානුෂීය නීතියට අනුව ක්‍රියාත්මකවූ ආකාරය පිළිබදව මෙහිදී පුළුල්ව සාකච්ඡාකරන ලදී.

මානූෂීය නීතියට අනුව වාර්තකරනය කල යුතු වන්නේ කෙසේද යන්න පිළිබදව මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කටයුතු කෙරෙනි. මෙම වැඩසටනේ දේශන කටයුතු සදහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා කර්යාලයේ සංනිවේදන නිළධාරී සූමේද ද සිල්වා. ප්‍රවෘත්ති නිළධාරිනී සරසි විජේරත්න. ප්‍රවීන මාධ්‍යවේදී සුජීව දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගි විය.

මෙම වැඩමුළුව අවසානයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට සිය ‍වෘත්තීය කුසලතා වැඩි දියුණු කර ගැනීම සදහා වැදගත් වූ බවත් ඉදිරියේදී මෙම මාධ්‍යවේදීන්ගේ‍ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සදහ තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බව ජනමාධ්‍ය පර්ෂ‍දයේ ලේකම් රෝහණ සිරිවර්ධන මහතා පැවසීය.


ගයාන් සම්පත් දසනායක
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Tuesday, April 26, 2011

වැළකීම සහ වැළැක්වීමේ කථාව කොළඹදී.....



විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුල මත්ද්‍රව්‍ය සම්බන්ධව සිද්ධින් පොලිසීය හා අධිකරණ මුලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු වාර්තාවීමේ යහපත් ප්‍රවණතාවයක් දකින්නට ඇති බව 2011වර්ෂයේ පළමු කාර්තුව තුල මාධ්‍ය‍වේදීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය තුල සිදුකල සමීක්ෂණ‍යක් මගින් සොයාගෙන ඇත.


සාදාචාරාත්මක සමාජ වටපිටාව බරපතල ලෙස අභියෝගයකට ලක්කරන මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට හෝ පාලනය කිරීමට රජය, බහුජන සංවිධාන සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කලයුතු යුගයකි.

ඒ වෙනුවෙන් සාමාජීය කථිකාවතක් ගොඩනැගීමේ සුවිශේෂි වගකීම අප වෙත පැවරෙන්නේ නිරායාසයෙන් බව සිහිපත් කරමු.

මත්ද්‍රව්‍ය පිළිබ‍ඳව පොදුජන සමාජයේ අව‍බෝධය පුළුල් කිරීම සදහා ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් දායකත්වය ලබාදියයුත්තේ කෙසේද යන්න පිළිබඳව සංවාදාත්මක සාකඡ්ඡාවක් මැයි මස 03 සහ 04 දින කොළඹදී පැවැත්වීමට ජනමාධ්‍ය පර්ෂදය මගින් කටයුතු සංවිධානය කර ඇත.

මෙම සාකඡ්ඡාව සඳහා දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්ගෙන් රැසක් සහභාගීවීමට නියමිත බව ජනමාධ්‍ය පර්ෂදයේ ලේකම් රෝහන සිරිවර්ධන මහතා ප්‍රතිභා මාධ්‍ය එකමුතුව සමග පැවසීය.

විශේෂ වාර්තාකරු,
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.