"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" Get Sinhala Font... Click The Link .Photobucket ආයුබෝවන්..

Thursday, October 28, 2010

ප්‍රතිභා එකමුතුවේ සංවිධාන දායකත්වයෙන්

ඉලක්ක කණ්ඩායම් වැඩසටහනක්.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ සාමාජිකයන්ට අළුත් අත්දැකිමක් ලබාදෙමින් යන්ග් ඒෂියා ටෙලිවිෂන් (YA TV) ආයතනයේ මැදිහත්වීමෙන් ඉලක්ක කණ්ඩායම් සාකඡ්ඡාවකට සහභාගී වීමට එකමුතුවේ සාමාජික පිරිසට අවස්ථාව ලැබුණි. 2010 ඔක්තෝබර් 29 (අද දින) දින දිනය පුරා පැවැත්වෙන‍ මෙම වැඩසටහන සඳහා වයස් කාණ්ඩ දෙකක් යටතේ තරුණ තරුණියන් 20 දෙනෙකු සහභාගී වේ.‍

වයස අවුරුදු 18ත් 25ත් අතර එක් කණ්ඩායමක් සහ අවුරුදු 25ට වැඩි තවත් කණ්ඩායමක් ලෙස මෙම වැඩසටහන පැවැත්වේ. රූපවාහිණි වැඩසටහන් පිළිබඳව මෙම සාකඡ්ඡාව පැවැත්වේ.

කඹුරුපිටිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම වැඩසටහන මාධ්‍ය ලෝකයේ ඉදිරියට ඒමට සිටින නවකයන්ට නවමු අත්දැඅකීමක් ලෙස සඳහන් කල හැකිය.

එම වැඩසටහනට සහභාගි වන පිරිසගේ අත්දැකීම් ඉදිරියේදී බලාපොරොත්තු ‍වන්න..