"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" Get Sinhala Font... Click The Link .Photobucket ආයුබෝවන්..

Tuesday, September 14, 2010

ආධුනිකයන්ට අතදීමක්.....


ගුවන් විදුලි මාධ්‍ය පුහුණු වැඩමුළුවක්.....

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව, ප්‍රතිභා මිතුරු එකමුතුව සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව එක්ව ගුවන් විදුලි මාධ්‍ය පුහුණු වැඩමුළුවක් නොම්ලේ පැවැත්වීමට කටයුතු සංව්ධානය කර තිබේ. සැප්තැම්බර් මස 21 සහ 22 යන දිනයහිදී කඹුරුපිටිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී මෙම පුහුණු වැඩමුළුව පැවැත්වේ.

සන්නිවේදනය,ගුවන් විදුලි මාධ්‍ය යනු කුමක්ද, ගුවන් විදුලියට ලිවීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම, වැඩසටහන් නිෂ්පාදනය, වැඩස‍ටහන් සංස්කරනය හා මත්ද්‍රව්‍ය නිවාරණයට මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේද යන්න මෙම වැඩසටහන මගින් මූලික අවබෝධය ලබාදීමට‍ කටයුතු යොදා ඇතිබව ප්‍රතිභා මිතුරු එකමුතුවේ සභාපති ඉන්ද්‍රජිත් ගමගේ මහතා පැවසීය.

"මෙම පුහුණු වැඩ සටහන මගින් අපි අරමුණු කරන්නේ විද්‍යුත් ජනමාධ්‍ය පිළිබදව ග්‍රාමීයව ජීවත්වන සිසු දරු දැරියන්‍ට හා තරුණ තරුණියන්ට මූලික අව‍බෝධයක් ලබාදීමයි. ඒ වගේම මේ වගේ වැඩසටහන් හරහා තොරතුරු තාක්ෂණයට හා ජනමාධ්‍ය කරනයට ග්‍රාමීය ජනතාව පෙළඹවීම‍ට මුලික ආරම්භයක් ලෙස මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරනු ලබන්නේ" ඉන්ද්‍රජිත් ගමගේ වැඩිදුරටත් පැවසීය.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් සිසුන් සහ පාසල් හැරගිය තරුණ තරුණියන් රැසක් මෙම වැඩසටහනට සහභාගිවීම‍ට නියමිතය."මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුලින් ඉදිරියේදී අප කඹුරුපිටිය නගරය මූලික කරගෙන ආරම්භ කිරීමට නියමිත අන්තර් ජාල ගුවන් විදුලි විකාශය සදහා ආරම්භක ‍වැඩසටහනක් ලෙසද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට‍ බලාපො‍රොත්තු වනවා." ඉන්ද්‍රජිත් ගමගේ වැඩිදුරටත් පැවසීය.

පුහුණුව අවසානයේ පුහුණු ලාභීන්ට සහතික පත්‍රයක් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ..


නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව