"රුහුණු සරසවියේ සුසන්ත බණ්ඩාර සිසුවා මිහිදන් කර අවසානය. මෙම මරණයේ සැබෑ චූදිතයන් නිදැල්ලේ සිටිමින් තවත් සිසුවකු චූදිතයා බවට පත්කර එම සිසුවාගේද ජීවිතය විනාශ කිරීමට අර අදිමින් සිටී. මෙවන් අවාසනාවන්ත සිදුවීම් තවත් මිනිසෙකුට සිදු නොවීමට වගබලා ගැනීම පුරවැසියන් ලෙස අප සියළු දෙනාගේම වගකීමයි." යනුවෙන් මාතර නගරයේ ජනතාවට බෙදාහරිනු ලැබු පත්‍රිකාවල සදහන්වේ.
Friday, July 30, 2010
"රුහුණු සරසවියේ සුසන්ත බණ්ඩාර සිසුවා මිහිදන් කර අවසානය. මෙම මරණයේ සැබෑ චූදිතයන් නිදැල්ලේ සිටිමින් තවත් සිසුවකු චූදිතයා බවට පත්කර එම සිසුවාගේද ජීවිතය විනාශ කිරීමට අර අදිමින් සිටී. මෙවන් අවාසනාවන්ත සිදුවීම් තවත් මිනිසෙකුට සිදු නොවීමට වගබලා ගැනීම පුරවැසියන් ලෙස අප සියළු දෙනාගේම වගකීමයි." යනුවෙන් මාතර නගරයේ ජනතාවට බෙදාහරිනු ලැබු පත්‍රිකාවල සදහන්වේ.
කජු මිළ අධික පලතුරුවර්ගයකි. මීට වසර කිහිපයක සිට මෙම ප්‍රදේශයේ කජු සදහා හොද වෙළද පොලක් තිබුනද මේවනවිට වෙළපොල තත්වය පහත බැස තිබෙන බවක් දැක ගතහැකිය. දැනට බටලීයේ කජු අලෙවිකරනු ලබන්නේ සීමිත පිරිසකි. සමහර අය වසර ගණනාවක සිට කජු අලෙවියට යොමුවී සිටිති. තවත් අය මෑත කාලයේ මෙම ව්‍යාපාරය සදහා යොමුවී ඇත. ඒ කෙසේ වුවද දැනට මේ අයගේ අලෙවිය පහත වැටීම හේතුවෙන් ආර්ථිකයද යහපත් මට්ටමක නොපවතී. බොහෝ දෙනාගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටද මෙය පත්ව තිබේ.
"ඒ දවස්වල හොද ඉල්ලුමක් තිබුනා දැන්නම් බිස්නස් පහත වැටිලා. දැනට කුරුනෑගල, අම්පාර, බිබිල වැනි ප්‍රදේශවල මුස්ලිම් වෙළදුන් තමයි අපිට කජු ගෙනත් දෙන්නේ. අපි ඒවා හොදට වේලලා මද ගලවල අලෙවි කරනවා" කජුගම ප්‍රදේශයේ 1971 වර්ෂයේ සිට කජු අලෙවියේ නිරතවී සිටින ගුණවතී අම්මා පැවසුවාය.දැනට විදෙස් සංචාරකයන් පවා මේ ස්ථානයේ නතර නොවන බවයි ගුණවතී අම්මා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබූවේ" ඒ දවස් වල විදෙස් සංචාරකයෝ නිතරම මේ ස්ථානයේ නතර වෙලා කජු අරගෙන යනවා. දැන් ඒ එන්නෙත් නෑ.ඒකට හේතුව විදියට මට හිතෙන්නේ සංචාරකයන්ට මග පෙන්වන අය අපි වගේ සුළු ව්‍යාපාරිකයන් ලගට සංචාරකයන්ට එන්න දෙන්නෑ. එයාල කරන්නේ ලොකු ලොකු බිස්නස් කරන සුපිරිතැන් වලට එක්ක යන එක. ඒක අපිට ලොකු අවාසියක්" තමන්ට ආර්ථීක හානිය සිදුව තිබෙන ආකාරය ගැන ගුණවතී අම්මා පෙන්වාදෙයි.
"මම දැනට අවුරුදු තුනක් විතර වෙනවා මේ බිස්නස් එක කරන්න පටන් අරගෙන. දැන් දවසේ ගාණවත් හොයා ගන්න බෑ. වැඩියෙන් ඉතින් අලෙවියක් තියෙන්නේ නිවාඩු දවස්වලටයි සති අන්ත දවස්වලටයි විතරයි. නැත්නම් ඒත් නෑ.බොහොම අමාරුවෙන් තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ" බටලීයේ කජු අලෙවියේ නියැලීසිටි සිටි නිම්මි නිලුෂා පැවසුවාය."අපි අමු කජු කිලෝ එකක් රුපියල් අටසිය පනහක් වැනි මුදලකට ගන්නවා. ඒවායේ පොතු ඇරල අපි විකුනන්නේ කිලෝ එකක් රුපියල් නවසිය පනහකට විතර." නිම්ම් කජුවල පවතින මිළගනන් තත්වයත් පැවසුවාය. තිබෙන ආර්ථික ගැටළු හමුවේ බොහෝ දෙනා වෙනත් රැකියා සදහා යොමුවී සිටින බවයි නිම්මි වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ."දැන් බොහෝ දෙනා මේ ව්‍යාපාර කටයුතුවලට යොමුවෙන්නෙ නැහැ. ඒයාල බොහෝ දෙනෙක් වෙනත් වෙනත් රැකියා හොයාගෙන කොළඹට ගිහිල්ලා. තියෙන ආර්ථීක ගැටළු හින්ද තමයි මෙවැනි තත්වයක් උදාවෙලා තියෙන්නේ" නිම්මි පවසයි.
"අපේ මේ ව්‍යාපාරය පාරම්පරිකව පැවත එන එකක්. ඒකාලේ ඉදලම මේ විදියට රෙද්දයි බෝරිච්ච් හැට්ටෙයි තමයි ඇන්දේ. ඒක දැන් අපේ අන්‍යතාව වෙලා. ඒ වුනත් දැන් ගොඩක් අඩු වයසේ අය තමයි මේ කජු අලෙවි කටයුතුවල නියැලිලා ඉන්නේ. ඒ අය දිහා පැමිණෙන පුදගලයන් වපර ඇහින් පවා බලනවා. එවැනි සිදුවීම් පහුගිය කාලෙ සිදුවුනා" කජුගම කජු අලෙවියේ නිරතවී සිටින වයස අවුරුදු 26ක් පමණවන දිමුතු කුමාරි එසේ පැවසුවේ කජුගම කජු ලියන් දෙස සමාජයේ වෙනත් පුද්ගලයන් දකින ආකාරය පැවසීමටය." මොන දේ වුනත් අපි කියන්නේ මේක අපේ අන්‍යතාවක් කාටවත් කරදරයක් නැතිව නිදහසේ කරගෙනයන්න පුළුවන් රස්සාවක්. මාර්තු අප්‍රෙල් මාසවලට අපි කජු අරගෙන ඇවිත් ඒවා ගබඩා කරල තියල තමයි පසු කාලයට අලෙවි කරන්නේ. මේකෙන් තමයි අපි ජීවත්වෙන්නේ." දිමුතු කුමාරි අවසන් වශයෙන් මෙසේ පැවසුවේ නුවර පාරේ ගමන් කරනවිට තම අලෙවි ස්ථානයන්ට පැමිණ යන මෙන් ආරාධනා කරන්නාක් මෙනි.
ප්‍රතිභා මාධ්‍ය එකමුතු
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා..
| Reactions: |
යාපහුව රාජධානියේ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව යාපහුව පිහිටා තිබේ. ප්‍රාග් ෛඑතිහාසික අවධියේ පටන් පූර්ණ ජනාවාසයක් බවට යාපහුව හා අවට ප්‍රදේශ පත්ව තිබේ. අතීතයේ පටන් කෘෂිකර්මාන්තය ප්‍රදේශය තුල දැකගත හැකි විය. වී ගොවිතැන, හේන් ගොවිතැන සහ කිරි හරක් පාලනය මේ අනුව සිදුවිය. එකල රට පාලනය කල ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ අගනගරය බවට පත්ව තිබු මෙය ගොවි රජවරුන්ගේත් අග නගරයක් බවටද පත්විය.
අතීතයේ පටන් වී ගොවිතැන බහුල වශයෙන් මහව ප්‍රදේශය තුල සිදුකෙරේ. වර්තමානයේ කටුක භුමියක දුෂ්කර ක්‍රියාවක් මැද යල මහ කන්න වගා කිරීමට ගොවියන් යොමුවී සිටිති. එයිනුත් වැඩි වශයෙන් වගා කටයුතු කරනු ලබන්නේ මාස් කන්නයේ පමණි.
" වැව් වතුරෙන් තමයි අපි වැඩකරන්නේ. ලැබෙන වී අස්වැන්නෙන් තමයි අපි ජීවත්වෙන්නේ. ඒත් ඉතින් දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඉදිරියෙදි වගා කරන්න නෙවෙයි ජීවත් වෙන්නවත් පුළුවන් වෙයිද කියලා හිතන්න බෑ." මහව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොහොඹකඩවල පදිංචි ඉමිආමි මුදියන්සේලාගේ දයාරත්න එසේ පැවසුවේ යාපහුවේ ගොවි රජවරුන්ගේ අනාගතය එතරම් සුභදායක නොවන බව පැවසීමට ඉගියක් ලබාදීමට මෙනි.
" අපිට තියෙන ලොකුම ගැටළුව තියෙන්නේ වල් අලින් ගෙන්. රෑට ඇවිත් හැමදේම විනාශ කරල යනවා. ඉස්සර තිබුනේ නෑ මේ කරදරේ දැන් වසර 10ක විතර කාලය ඉදල තමයි මේ ගැටළුව තියෙන්නේ. බව බෝගයක් හදා ගන්න බෑ. අස්වැන්න ටික ගෙදර තියාගන්න බෑ. දැන් අපිට වෙලා තියෙන්නේ දවල් දවසේ වගාකටයුතුවල නිරත වෙලා රෑට පැල් රකින්න." දයාරත්න වැඩිදුරටත් එසේ පැවසුවේ වල් අලින්ගෙන් සිදුව තිබෙන කරදරකාරී බව පැවසීමටය.
වල් අලින්ගෙන සිදුවන හානි මගහැරවීම සදහා අලින් පන්නා දැමීම කල යුතුය. ඒ සදහා වනජීවී කාර්යාලයෙන් අදාල වෙඩි කරල් ලබාගැනීමට මේ ගොවියන්ට සිදුවෙයි. " අලින්ගෙන් තියෙන කරදර ගැන වනජීවී එකට කිව්වම ඒ අය කියන්නේ අපට එන්න වාහන නෑ කියලා. ඊට පස්සෙ ඉතින් අපි ගල්ගමුවට යන්න ඕන වෙඩි කරල් අරන් එන්න. එතනට යන්නත් යන වාහනේට රුපියල් 1000ක විතර තෙල් පිච්චෙනවා. ඒ ගියාමත් දෙන්නේ වෙඩි කරල් තුනක් නැත්නම් හතරක් විතරයි. සමහර දවස් වලට එක රෑට මේ හතරම ගහන්න වෙනවා. ඊට පස්සෙ ඉතින් අපි ආපහු දවසේ ආයිමත් යන්න ඕන වෙඩි කරල් අරන් එන්න." කොහොඹකඩවල පදිංචි වයස අවුරුදු 32 වයස ඉමිආමි මුදියන්සේලාගේ තිලකරත්න පවසයි. " සමහර දවසට අලි එන්නේ දවල් දෙකට තුනට විතර. ඇවිත් වගා විනාශකරල යනවා. මේක නවත්තන්න රජයේ අවධාන යොමුවෙන්න ඕන. ඒත් ඒ කිසිවක් තාමත් නැහැ." තිලකරත්න වැඩිදුරටත් පවසයි.
"දැනට අලි ප්‍රශ්නෙ නිසා මනුස්සයෝ හයදෙනෙක් මැරිල තියෙනවා. ටිවි එකේ රේඩියෝ එකේන් කියනවා මේවට වන්දි දෙනවා කියලා. ඒත් තවම ඒ කිසිවක් නෑ. මේ ගැන දිසාපතිතුමාට කිව්වට වැඩක් නෑ. වනජීවී එකට කිව්වට වැඩක් නෑ. මේ හරියේ ඉන්නේ ගොවිතැන් බතක් කරගෙන ජීවත්වෙන දුගී දුප්පත් ජනතාව. මෙහෙම දේවල් වෙනකොට මේ අයට වගාකර ගන්න බැරිව යනවා. මේ වෙනකොට සිදුවෙලා තියෙන පාඩුව පියවගන්න බැරිව සමහර ගොවියන් මැසි තෙල් බීල මැරිලා තියෙනවා. මේව ගැන හොයන්න කවුරුවත් එන්නෑ." කොහොඹකඩවල ගොවි සංවිධානයේ සභාපති ඉමිආමි මුදියන්සේලාගේ රංබණ්ඩා පවසයි. වසය අවුරුදු දහඅටේදී ගොවිතැනට යොමුවුන රංබණ්ඩාගේ වයස දැනට අවුරුදු 63කි. වසර ගණනාවක් ගොවිතැන පිළිබද අත්දැකීම් ඇති රංබණ්ඩා වැඩිදුරටත් පවසනු ලබන්නේ කිසිදු දිනක ගොවිතැනෙන් සෑහීමට පත්වීමට නොහැකිවූ බවයි. " කොහොඹකඩවල මහ වැව පිරුනොත් විතරයි වගාකරන්න පුළුවන්. මාස් කන්නෙ විතරයි මෙහේ වගාකරන්නේ. ඒ වගාකරන්නෙත් මාසතුනේ වී. ඒ මාස තුනවත් හරියට වගාකරන් බෑ. අපි කොච්චර කිව්වත් රජයෙන් අහන්නෑ. එලි වැටෙනකන් පැල්වල ඉන්නේ. පැල්වලවත් හරියට ඉන්න බෑ ගෙදර කොයිවෙලාවෙ කඩයිද කියල කියන්න බෑ. ලක්ෂ කෝටිගණන් වියදම් කරල පෝසටර් ගහල නිකරුනේ රැස්වීම් කරන්න පුළුවන්. නමුත් මේ යාපහුව ආසනේ ගොවියන් මුහුණ දෙන වල් අලි ගැටළුවට සතපහක් දෙන්නෑ. අපි මිනී පෙට්ටි අරගෙන ගිහින් පාරවල් ගානේ පිකටින් කලේ. එතකොට කියන්නේ ලබන මාසේ දෙන්නම් විසදුමක්. නැත්නම් ඊළග මාසේ දෙන්නම් කියලා. දෙනවයි කියල කිව්වට තාමත් නෑ."
යාපහුව ආසනයේ කාන්තා පිරිමි හැම කෙනෙක්ම වගාකටයුතු වල නිරතවී සිටිති. කාන්තාවන්ද පුරුෂයන් මෙන් එක සමානව වැඩකලද ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙයි." අපි බොහෝම දුෂ්කරව තමයි මේ කටයුතු නියැලිලා ඉන්නේ. අපේ ඉඩම් වගාකර ගන්න බැරිවුනොත් ඊට පස්සේ මාස කිහිපයක් ජීවත්වෙන්න බැරිව යනවා. ඒක නිසා අපි වෙනත් කුඹුරුවල කුලී වැඩට යනවා. එහෙම ගිහිල්ලත් පිරිමියෙක් හා සමානවම වැඩකරනවා. ඒත් අපිට ලැබෙන්නෙ අඩු වැටුපක්. පිරිමිකෙනෙක්ට රුපියල් 700ක් ලැබෙනවා. අපිට ගෙවන්නේ රුපියල් 400ක් හරි 450ක් පමණයි. ඒක ගන්නෙත් බොහොම අමාරුවෙන්." අතපත්තු හේරත් මුදියන්සේලාගේ සුමනාවතී පැවසුවාය. " අපේ දරුවො ඉගෙන ගන්නෙත් බොහොම අමාරුවෙන්. පාසලට යන්නත් කිළෝමීටර් 4ක් විතර යන්න ඹ්න." සුමනාවතී තම ගොවි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් පැවසුවාය.
" මොනදේ වුනත් මෙහේ හැමෝම නීරෝගිව ජීවත් වෙනවා. කිසිම ලෙඩක් දුකක් දරුණු විදියට හැදිල නැහැ. ඒක හේතුව තමයි අපි හැමෝම ඇග මහන්සිවෙලා වැඩ කරන හින්දා වෙන්න ඇති." ඉමිආමි මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර පැවසුවේ සිනාමුසුවයි. " අපිට මාර්ග දුෂ්කරතා තියෙන නිසා ලැබෙන අස්වැන්න අළෙවිකරගන්න ගෙනියන්න අපහසුයි. මෙතන ඉදල මහවටත් තියෙනවා කිළෝමීටර් 12ක් 13ක් විතර. බස්එකක් ගමට එනවා ඒ එන්නෙත් උදේටයි හවසටයි විතරයි. " නවරත්න බණ්ඩාර එසේ වැඩිදුරටත් පැවසුවේ ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු පෙන්වාදීමටය.
විවිද දුෂ්කරතා මැද්දේ වගාකටයුතු සිදුකලද ලැබෙන අස්වැන්නට නියම මිළක් නොලැබෙන බව කොහොඹකඩවල ගමේ ගොවියන් පෙන්වාදෙති. " අපි බොහෝම අමාරුවෙන් තමයි වගාකරන්නෙ. ඒ වගාකරලත් ලැබෙන අස්වැන්න විකුණගන්න තවත් දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕන. මේහේ ඉදල රජයේ මිළදී ගන්න තැනකට හරි පෞද්ගලික අංශයේ මිළදි ගන්න තැනකටහරි ගෙනියන්න ඕන. ඒ ගෙනිච්චත් අඩු මුදලකට තමයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. සමහර කන්න වලදි හොද මිළකට විකුණ ගන්නත් පුළුවන්. දැන් මේ වෙනකොට අස්වැන්න කපන කාලේ. ඉස්සරහට අස්වැන්න විකුණන එක කොහොම වෙයිද කියල කියන්න බැහැ." ඉමිආමි මුදියන්සේලාගේ රංජිත් යසරත්න පැවසීය.
දුෂ්කරතා රැසක් මැද යාපහුවේ ගොවි රජවරුන් රටට බත සැපයීමට වෙහෙස මහන්සිවෙති. මේ දක්වා තමන්ගේ ගැටළුවලට නිසි අවධානයක් නොවීම පිළිබදව මේ ගොවියන් තුල පවතින්නේ කනස්සල්ලකි. කෙසේ වුවද ලංකාවේ සිව්වැනි රාජධානිය බවට පත්වු යාපහුව රාජධානියේ ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබද සොයා බැලීම ඔවුන්ට කරනු ලබන විශාල සේවයකි. ඒ කෙසේ වෙතත් යාපහුව පර්වතය මෙන් නොසැලී දුක් කම්කටොළු මැද දහඩිය මහන්සියෙන් රටට බත සපයන යාපහුවේ ගොවි රජවරුන් අපේ රටට මහගු සම්පතක් වගේම මහත්වූ අභිමානයකි. ගෞරවයකි.
විශේෂ ස්තුතිය
මාතර මාධ්‍ය නිවසට සහ ඉන්ටර්නිව්ස් ශ්‍රී ලංකා ආයතනයට.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලි මාධ්‍ය කලාවක් උදෙසා.......
| Reactions: |
Wednesday, July 28, 2010
රඹුටන් වාරේ.....
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා....
| Reactions: |
Friday, July 23, 2010
මගේ පුතා මැරුණේ පොලිසියෙන් ගුටිකාල නෙවෙයි.....
රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා මිය ගියේ පොලිස් ප්‍රහාර නිසා නොව තවත් ශිෂ්‍යයකුගේ ප්‍රහාරයක් නිසා බව සිසුවාගේ මෑනියන් වන වයලට් මනතුංග මහත්මිය පවසයි. වැඩි විස්තර සදහා දැනගැනීම සදහා මෙතන බලන්න.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලි මාධ්‍ය කලාවක් උදෙසා.....
| Reactions: |
Thursday, July 22, 2010
බැටන් ප්‍රහාරය වැදී සති කිහිපයකට පසු රුහුණ විශ්ව විද්‍යාල සිසුවා මිය යයි....
රුහුණ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් එල්ලකරණ ලද බැටන් පොලු ප්‍රහාරයකින් හිසට තුවාල සිදුවීම නිසා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අද උදෑසන (23 දින) මිය ගොස් ඇත.
එලෙස මිය ගොස් තිබෙන්නේ බුත්තල උණාවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත බණ්ඩාර (24) නැමති විශ්ව විද්‍යාල සිසුවෙකි.
රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පහුගිය ජූනි 18 වෙනිදා පැවති අතර එය පාලනය කිරීම සදහා මාතර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයකින් නිළධාරීහු රැසක් විශ්ව විද්‍යාලයට කැදවා තිබුණි. මෙහිදී ඇතිවූ තත්වය පාලනය කිරීම සදහා පොලීසිය විසින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එය වැදුනු සුසන්ත බණ්ඩාර සිසුවා තම ගමේ රෝහල වන බුත්තල මහ රෝහලටද පසුව දියතලාව සහ බදුල්ල රෝහල් වෙතටද ඇතුලත් කොට තිබු බව වාර්තා විය.
හිස අභ්‍යන්තරයේ ඇතිවී තිබු ලේ ගැලීම් සහ වෙනත් තත්වයන් මත සුසන්ත බණ්ඩාර විශ්ව විද්‍යාල සිසුවා අද උදෑසන බදුල්ල මහ රෝහලේදී මිය ගොස් ඇත.
සිසුවාට එම පහර දීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව අද උදෑසන (23 දින) රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කලහ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් දෙදහසකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්තුනි. පෝසටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලය අසලින් ගමන් ආරම්භකර පෙළපාලි කරුවන් මාතර නගරය කරා පැමිණියහ.
නමුත් මාතර කොටුවේගොඩදී පොලීසිය සහ හමුදාව විසින් පෙලපාලිය තව දුරටත් ඉදිරියට පැමිණිම නතර කිරීම සදහා පාර හරහා ආරක්ෂක වලල්ලක් දමා තිබුනි.
මෙම අවස්ථාවේ පොලීසියේ උසස් නිළධාරීන් විසින් මහා ශිෂ්‍ය සංගමයේ නිළධාරීන් කිහිපදෙනෙක් සමග සාකච්ඡාකල අතර එම අවස්ථාවේ ශිෂ්‍යයින් ඒ අසල බිම වාඩිවී තම විරෝධය පලකර සිටියහ.
"මෙම පහර දීම නිසා විශ්ව විද්‍යාලයේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යයෙක් අහිම් වුනා. මෙවැනි මර්ධනකාරී බල වේගයන්ට එරෙහිව දිගටම උද්ඝෝෂණ පවත්වනවා. ඒ වගේම අපේ සහෝදර සිසුවාගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා." උද්ඝෝෂණයට සහභාගිවූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක සිසුවා පැවසුවේය.
උද්ඝෝෂණ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන බව රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...
| Reactions: |
Wednesday, July 7, 2010
දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව මතුකර දැක්වීම මාධ්‍ය කරුවාගේ වගකීමක්.........
"සත්‍ය ඉස්මතුකර අසත්‍ය යටපත් කිරීම හා පාසල් දරුවන්ගේත්, ගමේ දරුවන්ගේත් නිර්මාණශීලී හැකියාව ඉස්මතු කර දැක්වීමත් මාධ්‍ය කරුවාගේ වගකීමක් වෙනවා" දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා පැවසුවේය. මාතර මාධ්‍ය නිවස දකුණේ වෘත්තිය මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානයකරනු ලැබු "පොලීසිය, ප්‍රජාව හා මානව හිමිකම්" මැයෙන් මාතර මාධ්‍ය නිවසේ ජූලි 08වන දින සංවිධානයකර තිබු පුහුණු සැසියකදී මේ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පෙන්වාදෙන ලදී. වැඩි දුරටත් කරුණු දැක්වමින් " ලංකාවේ සිටින්නේ මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබද ඉහළම අත්දැකීම් සහිත කණ්ඩායමක්. ඒ වසර 30 ක යුධමය අත්දැකීම් එක්ක. මාධ්‍යවේදීයාද හොද සාහිත්‍ය කරුවෙක්. නමුත් සමහර මාධ්‍යවේදින් තුල එවැනි සාහිත්‍යමය රසයක් ජනිත කරවීමට නොහැකි ආකාරයට ලියන ආකාරයකුත් දක්නට ලැබෙනබව" නීල් දළුවත්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.මාධ්‍ය කරුවා ව්‍යාපාරික වී ඇතිබවයි නියෝජ්‍ය පොලිස්පති තුමන් වැඩිදුරටත් පැවසුවේ" වාණිජ කරණයත් සමග මාධ්‍යකරුවා සතු සාහිත්‍යමය රසය අකාමකා දමමින් තිබෙනවා. අද සාහිත්‍යකරුවා සේම මාධ්‍යවේදියාද ව්‍යාපාරිකයා මිළදීගෙන තිබෙනවා. මේ තත්වය විශේෂනාත්මක හෙළිදරව් කිරීමක්. ඒ පිළිබදව ලිවීමත් මාධ්‍ය කරුවාගේ වගකීමක්" නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා වැඩිදුරටත් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
"සාහිත්‍යකරුවාගේ වටිනාකම තවදුරටත් ලොවේ රැදී තිබීම සතුටට කරුනක්. ඒ වගේම මාධ්‍යකරුවාත් තම තත්වය රැකගත යුතුයි. මාධ්‍ය කරුවාගේ කාර්ය්‍යත් හැමදාමත් සංවේදී සමාජයේ රැදිය යුතුයි." මැක්සිම් ගෝර්කි ලියු අම්මා නවකතාව උදාහරනයට ගෙනමින් නියෝජ්‍ය පොලිස්පතිතුමන් පෙන්වා දෙන ලදී. වැඩිදුරටත් කරුනු පැහැදිලි කරමින් එතුමන් පැවසුවේ,"තමන් සතු හැකියා ප්‍රයෝජනයට ගෙන කුසලතා පෙන්වමින් සංවේදීව කටයුතු කරම්න් ජනතාවගේ සත්‍ය දැනගැනීමේ උවමනාව සාක්ෂාත් කර දීම සිදුකල යුක්තක් වෙනවා. එදා මෙදා තුල අපේ මාධ්‍යවේදීන් ඒ දේ හරියට සිදුකලා. පුද්ගල චරිත ගොඩනැංවීමේදී ඉස්මතුකර පෙන්වීමේදී ඉහළම දායකත්වය ලබා දුන්නේ මාධ්‍යවේදියායි" නීල් දළුවත්ත මහතා පැවසීය.
"එදා ගෞරවාන්විත සේවාවක නිරතවූ දිශාපාමොක්තුමන්ලා අද පුටුවෙන් ඇලදාන සමාජ තත්වයක් වාණිජ සමාජය විසින් ගොඩනංවා තියෙනවා. එවැනි සමාජයක් යහපත් තත්වයකට ගොඩනැංවීම මාධ්‍යවේදියාගේ සංවේදී හදවතට කළ හැකියි" නියෝජ්‍ය පොලිස්පති තුමා පැවසීය.
ගොවිජනතාව සමාජයේ සුවිශේෂී ප්‍රජාවක් බවයි නීල් දළුවත්ත මහතා පෙන්වා දුන්නේ. "ජීවිතය පිළිබද, සමාජය පිළිබද, පරිසරය පිළිබද ඉහළම අත්දැකීම හා දැනුම තියෙන්නේ අපේ ආදරණීය ගොවිජනතාවටයි. ඔහුගේ ඒ සංවේදී බව දැනුම හැකියාව මාධ්‍යකරුවා විසින් ඔසවා තැබිය යුතුයි. නමුත් එවැනි තත්වයටකට පුළුල්ලෙස ලංවීමක් දකින්න ලැබෙන්නෙ නැහැ. ප්‍රායෝගිකව ඔවුන් සතු දැනුම හැකියාව රටේ යහපාලනයට වැදගත්වනවා එය ඉස්මතුකර පෙන්විය හැක්කේ මාධ්‍යයට පමණයි."
අධ්‍යාපනයට ඉහළ වටිනාකමක් ලබාදීම සදහා මාධ්‍ය කරුවා කටයුතු කල යුතුබවයි නීයොජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා වැඩිදුරත් පැවසුවේ."අපි යළිත් ගුරුගෙදර නගා සිටුවිය යුතුයි. සමහර ගම්මානවල ගුරු ගෙදර ශිෂ්ඨාචාරය තවමත් ක්‍රියාත්මක වෙනවා. එම තත්වය සමාජයේ සෑම ඉසව්වක් කරාම පැතිරිය යුතුයි. ඒ තුලින් අතීතයේ තිබූ ඒ විනය ගරුක සුන්දර සමාජය යළිත් ගොඩ නගා සුන්දර සමාජයක් ගොඩනැගිය හැකියි. ගුරු ගෙදර යළිත් ඔසවා තබන්න එක්වන්න කියා මා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා."
මේවනවිට සාමකාමී පරිසරයක් රටපුරා ගොඩනැගෙම්න් පවතින බවද ඒ මහතා මාධ්‍යවේදීන්ට පෙන්වාදෙන ලදී." දශක තුනක සිට මේ රටේ ගොඩනැගුන සටන්කාමී, කලහකාරී ජනජීවිතය වෙනස්වී සහජීවනයෙන් යුතු සමාජයක් රටතුල ගොඩනැගෙමින් තිබෙනවා. එහිදී එම තත්වය රැකගෙන යහපත් ආකල්පමය වෙනසක් තුලින් ජනජීවිතය ගොඩනැංවීමේ කාර්ය්‍ය මාධ්‍යයටසේම පොලීසියටත් කාර්ය්‍යභාරයක් තියෙනවා." මේසදහා පොලිස් නිළධාරීන්ද සංවේදී විය යුතු බවයි නීල් දළුවත්ත මහතා පෙන්වා දෙනු ලැබුවේ.
"අද අපි ලබා තිබෙන නිළතල තත්වයන් සමාජ තත්වයන්, සුඛෝපභෝගී භාවයන් ඉදිරි ආත්ම භාවයේදී නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපිට ලැබුනු මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සමාජයට සේවයක් කරන්න උත්සාහ ගැනීම මෙලොවට මිනිසත්කම ලැබ පැමිණි අපි කාගේත් යුතුකමක්. අපට නැති නෑකම් ලෝකයේ ඇතිකර ගන්නට යාමෙන් අද ලෝකයේ ගෞරවනීය ජාතියක්වූ අප යම් පිරිහිමකට ලක්වි සිටිනවා. ඒ පුහු ජනප්‍රියත්වය හා ආත්මාර්ථකාමීව කටයුතු කිරීම නිසයි. බලතලවලට යටත්වී වැඩකිරීම නොකල යුත්තක්. ඒසේ කටයුතු නොකරන ලෙස සැමගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා අවසානයේ දකුණේ ජනමාධ්‍යවේදීන් අමතා පැවසීය. මෙම අවස්ථාවට ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් හා රැසක් සහභාගිවී සිටියේය.
මාතර මාධ්‍ය නිවස මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
| Reactions: |
Tuesday, July 6, 2010
පැහැබර හෙටක් නොදුටු මව්වරු...

| Reactions: |
Monday, July 5, 2010
රුහුණේ උරුමය කියාපාන
වසර 1948 පෙබරවාරි මස තවත් දිනයක් උදාවිය. මොරවක් කෝරලේ පනාකඩුව ගම්මානයට ඉතිහාසයේ වටිනාම දිනය එදින උදාවිය. කෘෂිකර්මාන්තය මත පදනම්වු ජීවන රටාවක් ප්‍රදේශයතුල පවතී. පනාකඩුව බෝගහදෙණියේ පිහිටි තම කුඹුරේ ඇළවේලි සකස් කිරීම සදහා සුරවීර ගමගේ කරෝලිස් හා ඔහුගේ පුතාවන සුරවීර ගමගේ සින්නෝරිස් නිවසින් පිටවිය. අතර මගදි හමුවන හැම කෙනෙක්ටම සිනහවකින් සංග්‍රහකරමින් පිය පුතු දෙපල තමන්ගේ කුඹුරට පැමිණෙන ලදී.
"කුඹුරට වතුර හරවන් ඕන හින්දා අප්පොචිචි නියර උදැල්ලෙන් කැපුවා. කපල ඉවර වෙලා ඉහලින් තිබුනු කණ්ඩියෙන් තණ පිඩලි දෙකක් කපල එතනට දාන්න හැදුවා. ගහපු උදළු පාරට යමක් උදැල්ලෙ ගැටුණා දැනුනා. ඊට පස්සේ අරගෙන බලන කොට තඹ තහඩු තුනක් ඒක." දැනට ජීවිතයේ සැදෑ සමය ගෙවන සින්නෝරිස් එසේ පැවසුවේ එදා කුඹුරුවැඩ කරන අතර තුර තම පිය පුතු දෙපලට යමක් ලැබුනු බව පැවසීමටය.
පසුව එය ගෙදර ගෙනවිත් ලුණු ගොරක දමා තැම්බූ පිය පුතු දෙපල මෙය කුමක්ද යන්න පසක් කරගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් ගතකලහ. මේ පිළිබදව රට පුරාම ආරංච්ය පැතිර යන්නට විය. පසුව මෙය පනාකඩුවේ තඹ සන්නස යන්නට හදුනාගන්නා ලදී. මේ පිළිබදව වැඩි දුරටත් පුරාවිද්‍යා චක්‍රවර්ති කඹුරුපිටියේ වනරතන ස්වාමීන් වහන්සේ පෙන්වාදුන්නේ තඹ සන්නසෙහි අපරිමාන වටිනාකම ලොවට හෙලිකලේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවීමි සත්‍ය බව ප්‍රකට කරමිනි. පනාකඩුවේ තඔ සන්නස හදුනාගත් දින සිට පනාකඩුව ෛඑතිහාසික තොරතුරු රැසකට වටිනාමක් එක්කලේය.
1055-1110 කාලයේ එවකට රජකම්කල පළවැනි විජයබාහු රජු විසින් තමන්ට උදව් උපකාර කරන ලද රුහුණු දඩනායක සින්නරු බිම් මුදල්නාවන් නැමැති පුද්ගලයකුට රාජකීය වරප්‍රසාද ලබාදීම තඹ සන්නස මගින් සිදුකර ඇත. "දිගින් අඩියකුත් අගල් එකහමාරක්ද, පළලින් අගල් තුනක් වැනි ප්‍රමාණයකින් සන්නස නිර්මාණය කර තිබේ. අගලකින් අටෙන් එකක් ගණකමක් ඇති පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙක හමාරක් බරබව සින්නෝරිස් පවසයි." 1950 පෙබරවාරි මස 08වන දින මෙම සන්නස එවකට පැවති රජයට භාරදුන් බව සින්නෝරිස් වැඩිදුරටත් පවසයි.
තඹ සන්නස හමුවූ බෝගහදෙණිය කුඹුර
පනාඩුව තඹ සන්නස හමුවූ දැනට ජීවිතයේ සැදෑ සමය ගතකරන එස් ජී සින්නෝරිස්ප්රතිභා මාධ්‍ය එකමුතුව.
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා.......
| Reactions: |




