"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Monday, June 28, 2010

පොසොන් සමරා කඹුරුපිටියේ පිංකම් රැසක්..

පොසොන් පොහොය නිමිතිකරගෙන කඹුරුපිටිය ප්‍රදේශයේ පිංකම් රැසක් පැවතුනි. දාන,ශීල, භාවනා වැඩසටහන් විහාරස්ථාන හා පාසල් ආශ්‍රිතව පැවතුනි. ප්‍ර‍දේශය පුරා තේ, අයිස්ක්‍රීම්, කිරිකෝපි,බත් ආදී දන්සල් රැසක් දක්නට ලැබුනි. ඉන් කඹුරුපිටිය නැගෙනහිර ඉලුක්කැටිය ප්‍රදේශයේ තරුණ කැල 15වන වරටත් සංවිධානය කරන්නට යෙදුන තේ පැන් දන්සල ප්‍රධාන තැනක් ගනී. කඹුරුපිටිය කිරින්ද මාර්ගයේ දහය කණුව ගේට්ටුව මංසන්දියේදී මෙම දන්සල 25 වන දින උදෑසන සිට 27වන දින උදෑසන දක්වා දිවා රාත්‍රී නොකඩවා පවත්වන ලදී. පහන් කූඩු රැසකින් දන්සල අවට ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන ලද අතර ඒ සදහා පහන් කූඩු ලබාදීමෙන් රත්කැකුලාව ‍4U තරුණ සමාජය අනුග්‍රහය දැක්වීය.



මීට සමගාමීව සදහම් පොසොන් කලාපය නමින් පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී. කඹුරුපිටිය මලාන සංස්කෘතික මධ්‍යස්ථාන භුයේදී මෙම පොසොන් කලාපය පැවැත්වේ. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් විසින් නිර්මාණය කරන ලද පො‍සොන් තොරන මෙම පොසොන් කලාපය තුල ප්‍රදර්ශනය වේ. එමෙන්ම සංස්කෘතික සංදර්ශන, පහන්කූඩු ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් මෙම පොසොන් කලාපයට එක්කර තිබේ. කඹුරුපිටිය ප්‍රාදේශිය සභාපති චන්දන සිරිබද්ධන මහතා සංකල්පයක් මත චන්දන සිරිබද්ධන ‍බෞද්ධ පදනම මගින් ප්‍රථම වරට මෙම පොසොන් කලාපය සංවිධානය කර තිබුනි. මෙම පොසොන් කලාපය හා දන්සල පැවැත්වීම සදහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය හිරු FM ගුවන් විදුලිය මගින් ලබාදෙන ලද අතර ප්‍රචාරක මාධ්‍ය දායකත්වය කඹුරුපිටිය ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් ලබාදෙන ලදී. ප්‍රදේශයේ ආගමික හා සදාචාරාත්මක වර්ධනයක් ඇතිකිරීම මෙහි මූලික අරමුණවී තිබේ.

Friday, June 18, 2010

දෙනියායේ අපේ ජීවිත...........

දෙනියාය කියන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවරේම පිහිටා තියෙන නගරය. සිංහරාජ වනාන්ත‍රයේ සිසිලස දෙනියාය ප්‍රදේශයේ ජනයාට ගෙනත් දෙන්නේ ප්‍රභෝධමත් ගතියක්. දෙනියායට මාතර ඉදල කිළෝමීටර් 65ක් පමණ දුර ප්‍රමාණයක් තිබේ. දෙනියාය නගරයේ ඉදල මෙදේරපිටිය පාරේ කිළෝමීටර් පහක් විතර ගියාම විහාර හේන හමුවෙයි. එම ප්‍රදේශයත් පහුකරගෙන තවත් කිළෝමීටර් තුනක් විතර ගියාම එන්සල්වත්ත හමුවෙයි. තේ ආර්ථීකයෙන් යැපෙන වතු කම්කරු ජනතාව මේ වත්තේ ජීවත් වෙති."අපේ වත්තට පිවිසෙන්න තියෙන්නේ පාලමක් හරහා. ඒත ටිකක් දුෂ්කරයි. මොකද මේ වත්තට පිවිසෙන්න ප්‍රධාන පාලමක් තිබුනා. නමුත් 2003 අවුරුද්දේ පැවති ගංවතුර තත්වය නිසා මේ පාලම විනාශවෙලා. දැනට පිවිසෙන්න තියෙන්නේ වත්තෙ අය තාවකාලිකව තනාගත්තු පාලමක්. නව පාලමක් හදා දෙන්න කියලා වත්තෙ අය කොච්චරවත් දැනුවත් කලත් තවමත් එය ලැබිල නැහැ. ඒ වගේම විවිද අවස්ථා වලදී මේ පිළිබදව දේශපාලන නායකයන් දැනුවත් කලත් ප්‍රයෝජනයක් වුනේ නැහ" එන්සල්වත්තට පිවිසෙනවිටම අපට මුණගැහුණ ත්‍යාගරාජා වනත්තයියා පැවසුවේය.

මේ තියෙන්නේ එන්සල්වත්තට පිවිසෙන්න තිබූ පාලම. දැනට විනාශවෙලා ගිහින්. ඒත ‍තේ දළු ප්‍රවාහනය කරන්න තවමත් මේ පාලම උපයෝගී කරගන්නව. නමුත් ගගේ ජලය වැඩි කාලයට කිසිම දෙයක් මේ හරහා ප්‍රවාහනය කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

මේ පාලම තමයි ‍එන්සල්වත්තේ ජනතාව තාවකාලිකව තනාගත්තු පාලම. පාලම මතින් ගමන් කිරීම තරමක් අසීරුයි.එන්සල්වත්තේ හැම කෙනෙක්ගෙම ප්‍රධාන ආර්ථිකය වෙලා තියෙන්නේ තේ ආර්ථිකය. අපි වත්තට ගියේ හැන්දෑ වෙලාවක. වත්තේ තේ දළු නෙලාගෙන එන කාන්තාවන් අපිට මුහ ගැහුණා.

තේ දළු ගෙනාවට පස්සේ අදාල නිළධාරීන් තේ දළු ටික කිරල භාරගන්නා තෙක් මේ අයට පෝලිමේ ඉන්න සිදුවෙති.

අමු තේදළු කිරල භාරගනු ලබන්නේ මෙම ස්ථානයේදිය. තමන් දවසට කොච්චර ‍තේ දළු ප්‍රමාණයක් නෙළල තියෙනවද කියලා ‍මොවුන්ට මෙතනදී දැනගැනීමට පුළුවන්කම ලැබෙති.

මේ වත්තේ ජනතාව මුහුණ දෙන ගැටළු බොහෝමයි.මේ අය ජීවත්වෙන්නේ එකට පිහි‍ට තියෙන නිවාසවල. ඒ කියන්නේ ලැයිම් කාමර වල. එක පවුලක සාමාජිකයන් අටක් දහයක් පමණ ජීවත්වෙයි. මේ වගේ නිවාස පේලියක බොහොම අසීරුවෙන් තමයි මේ අය ජීවත්වෙන්නේ.


මේ වත්තේ ජීවත්වන දරුවන් බොහෝ දෙනෙක්ට හරිහැටි අධ්‍යාපනයක් නැහැ. බොහෝ දරුවන් පාසල් යන්නෙත් නැහැ. ඒ වගේම පාසල්වල පවතින අධ්‍යාපන ගැටළුත් බොහෝමයි. "ගුරුවරුන් ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල සේවය කරන්න ආවත් ඔවුන් මේ පාසල්වල රැදෙන්නෙ නැහැ. විශේෂයෙන්ම එන්නේ මුස්ලිම් ජාතික ගුරුවරුන්. ඔවුන්ට මේ පළාතේ ඕන කරන පහසුකම් කිසිවක් නැහැ. විශේෂයෙන්ම සිකුරාදා දිනවලට ඔවුන්ගේ ආගමික වතාවන් සිදුකරන්න ස්ථානයක් නැහැ. ඒ නිසා ඔවුන් මේ පළාතේ පාසල්වල රැදෙන්නෙ නැහැ".මේ ගුරුවරුන් මාරුවක් හදාගෙන වෙනත් පාසලකට යන බව කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසුවේය.නිකරුනේ පරවයන මේ අහිංසක දරුවන්ගේ ජීවිත එළිය කිරීම වගකියුත්තන්ගේ වගකීමක් බවයි මේ දරුවන්ගේ දෙමව්පියන් පෙන්වා දෙන්නේ.

ද‍රුවන්ගේ අධ්‍යාපනය කෙසේ වුවත් මේ වත්තේ ජීවත්වන දරුවන්ගේ මෙන්ම තරුණයන්ගේ ක්‍රීඩා ජවය ඉතා ඉහල මට්ටමක පවතී. "අපිට ක්‍රිඩා කරන්න ක්‍රීඩා පිටියක් නැහැ. ඒත් වත්තට එන පාරෙ තමයි අපි ක්‍රීඩා කරන්නේ. එහෙම ක්‍රීඩා කරලත් අපි විවිද තරග වලට සහභාගිවුනා" වෙනත් ප්‍රදේශවල පැවති ක්‍රිකටි තරග වලට සහභාගිවෙලා ජයග්‍රහනය කරන්න පුළුවන් වුන බව ශිවකුමාර් පැවසුවේය.

ජයග්‍රහනය ලැබු ක්‍රිකට් කණ්ඩායම

ආර්ථීක, සාමාජීය, සෞඛ්‍ය, අධ්‍යාපන, යටිතල පහසුකම්, පරිපාලනමය ගැටළු වැනි දේවල් බොහෝමයකට මොවුන් මුහුණ දෙති. "විශේෂයෙන්ම අපට තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි ඡන්ද අයිතිය. දැනට වාර තුනක්ම මම ඡන්දය දැම්මෙ නැහැ. හැදුනුම්පත් නැති එක තමයි මේකට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. හැදුනුම්පත් හදන්න පෝරම පුරවල දුන්නත් වත්තේ මහත්තය කියන්නේ මම වෙනත් වත්තක වැඩ කරන නිසා එය අනුමත කරන්න බැහැ කියලා". මේ නිසා ගැටළු රැසකටම මුහුණ දෙන්න වුන බව එන්සල්වත්තේ පදිංචි රාජිනි පැවසීය.විවිද හේතු නිසා මේ ජනතාවට උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත් ලබාගන්න නොහැකි වෙලා. මේ සදහා ඉල්ලුම්කලත් එය ලබා ගැනීමට වගකීමෙන් ක්‍රියා නොකරන බව වතු ජනයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. "අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලීමක් ඒ තමයි තමන්ට කිසිදු ගැටළුවක් නැතිව ජීවත්වෙන්න වුවමනා කරන පහසුකම් ලබා දෙන්න කියලා. ඒ වගේම අදාල ප්‍රශ්න විසද ගන්න මැදිහත් වෙන්න කියලයි" අවසාන වශයෙන් ශිවකුමාර් පැවසුවේය.

රටේ ජාතික ධනයට සුවිශේෂී සේවක් ලබා දෙනු ලබන දෙනියාය එන්සල්වත්තේ වතුකම්කරු ජනතාව පිළිබදව වැඩි අවධානයක් යොමුකල යුතු කාලය දැනටමත් ‍එලැබී තිබේ.

Friday, June 4, 2010

ඔබත් ‍මොහොතක් හිතන්න.........



පරිසරය යනු අපි ණයට ඉල්ලාගත් දෙයකි. එය අපි අනිසිලෙස විනාශකල හොත් එහි ප්‍රථිවිපාක අනිවාර්යෙන්ම ලැබේ. ගංවතුර ගැලීම, සුනාමි ව්‍යයසනයන්ට මුහුණදීම මෙන්ම ගිණිකදු පිපිරවීම් මේ සදහා කදිම උදාහරණ ලෙස මෑත ඉතිහාසයේ අපි අත්විද තිබේ. ඒ මිනිසාගේ ක්‍රියාකාරකම්වලට ප්‍රථි පිළිතුරුදීමක් ලෙස හැදින්වීමට පුළුවන්.

දැනට ශ්‍රී ලංකාවේ තිබෙන වනාන්තරවලින් හරි අඩක්වත් නැත. ඒ මිනිස් ක්‍රියාකරම් හේතුවෙනි. අවිධිමත් සංවර්ධනය හමුවේ වන විනාශය විශාල වශයෙන් සිදුවෙයි.


හරි.........සිංහලේ කියමනක් තියෙනවා "ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ" කියලා. ඒ ආකාරයට අපි සිදුවූ වන විනාශයන්ට පසුතැවිලි නොවී දැනට තිබෙන වනාන්තර සුළු ප්‍රමාණය රැකගෙන තව තවත් රුක් රෝපණය කිරීමට යොමුවීම සමස්ත පරිසර පද්ධතිය අනාගතයට ආරක්ෂා කිරීම පෙන්වාදීමට පුළුවන.

ඔබ.....මොහොතක් හිතන්න. අද සිටම ක්‍රියාත්මක වන්න. වන විනාශය වලකාලන්න.

මොහොතින් මොහොත වේගවත්වන ගෝලීය උෂ්ණත්වය පහත හෙළන්න දෙමුහුන් කරණයේ රථ වාහන භාවිතා කරන්න. විශ වායු පරිසරයට මුදාහැරීම සීමා කරන්න.

මේ දේ කරන්න අමාරුයි තමයි. හැබැයි ඒ මුල් කාලෙදි විතරයි. අපි අමාරුවෙන් හරි මේදේවල් කරන්න යොමු වුනොත් අනාගත පරපුරට අපේ පරිසරය රැකදෙන්න අපි හැමෝටම පුළුවන් වේවි.

ඔබ දන්නවාද...... මේගතනවන මොහොතක් පාසා ආර්ටික් සහ ඇන්‍ටාර්ටික් සාගර කලාප වල ග්ලැසියර් එහෙමත් නැත්නම් හිම කදු දියවෙන බව. ගෝලීය උෂ්ණත්වය මේකට සෘජුවම බලපාලා. ඒ හේතුවෙන් අප මිහිතලයෙන් තුරන්වීයන සත්වයෙක් ඇත. ඒ හිමවලසාය. මේ යන ආකාරයට පරිසරය උණුසම් වුවහොත් මෙම සත්වයා තව වසර දෙකක්වත් මිහිපිට ජීවත් නොවෙයි.

ඔබට වගේම අන් අයටත් මේ පරිසරය අයිතිය. මිනිසා‍ට මෙන්ම සතා සිව්පාවන්ට, මත්ස්‍යයන්ට, ගහ වැල වලට මේ මිහිතලය අයිතිය. අපි පවතින්නේ ගහ වැල සතා සිව්පාවන් නිසාය. සතා සිව්පාවන් ගහ වැල පවතින්නේ අපි හැමෝම නිසාය. මේ හේතුවෙන් ක්ෂණික ලාභය උ‍දෙසා මිහිතලය විනාශ නොකර දිගු කාලීන ලාභයක් සදහා පරිසරය සුරකීමට එකතුවෙන්න.


ඡායාරෑප - අන්තර්ජාල ඇසුරිනි.

සනත් පද්ම කුමාර
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව