"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Friday, April 30, 2010

4U ජාතික අධ්‍යක්ෂ මණ්ඩල නිළවරණය නිමාවට පත්වේ...

ශ්‍රි ලංකාව පුරා විසිරී සිටින 4U තරුණ සමාජවල තරුණ තරුණියන් අතුරින් ජාතික අධ්‍යක්ෂ මණ්ඩලය තේරීමේ නිළවරණය අද (30) කොළඹ 15 "ලසාලියන්" උත්සව ශාලාවේදී පැවැත්වුණා. එහිදී දිස්ත්‍රික්ක 25කින් අධ්‍යක්ෂ මණ්ඩලය සදහා 25දෙනෙකු තොරාගැනීම සිදුකෙරුණා. ඡන්දදායකයින් 220 දෙනෙකු මෙහිදී ඡන්දය භාවිත කළ අතර මාතර දිස්ත්‍රික් අධ්‍යක්ෂක ලෙස දිනේෂ් සදිරංග මහතා තේරී පත්විය.

අධ්‍යක්ෂ වරුන් ලෙස දිස්ත්‍රික් මට්ටමින් තේරී පත්වූ පිරිස පහත දැක්වේ.


මාතර දිස්ත්‍රික්කය - දිනේෂ් සදිරංග මහතා - 13
රත්නපුර දිස්ත්‍රික්කය - අචල නිලන්ත මහතා - 39
ගාල්ල දිස්ත්‍රික්කය - රෝෂාන් ගයාන් මහතා- 16
බදුල්ල දිස්ත්‍රික්කය - ගයාන් ශ්‍රිලාල් මහතා - 55
ගම්පහ දිස්ත්‍රික්කය - තරිඳු සඳරුවන් මහතා - 24
පොළොන්නරුව දිස්ත්‍රික්කය - අබේරත්න මහතා - 30
නුවරඑළිය දිස්ත්‍රික්කය - තිළිණ ගයාන් මහතා - 23
මඩකලපුව දිස්ත්‍රික්කය - මුෆ්ලියාර් මහතා - 60
මාතලේ දිස්ත්‍රික්කය - ජීව කුමාර් මහතා - 31
යාපනේ දිස්ත්‍රික්කය - ප්‍රෙම් රාජා මහතා - 74
හම්බන්තොට දිස්ත්‍රික්කය - ශෂි ක්‍රමාර් මහතා - 29
පුත්තලම දිස්ත්‍රික්කය - ෂියාස් මහතා - 70

අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම ඉහත පරිදි වේ
‍.

ප්‍රතිභා මාධ්‍ය ඒකකය.


Thursday, April 29, 2010

ලේනබටුව ප්‍රතිභා 4U සමාජයේ "රන් ටිකිරි සිනා"

සුන්දර බක්මාසය ගෙවී ගියත් බක්මහේ අසිරිය තවමත් තියෙනවා. මේ කාලයට හැමතැනම බක්මහ සැණකෙළි තිබුනත් ප්‍රතිභා එකමුතුවේ අපි තීරණය කළා වෙනස් ආකාරයක අලුත් අවුරුදු උළෙලක් සංවිධාන කරන්න. මේ බක්මහ සැණකෙලිය නම්කලේ "රන් ටිකිරි සිනා" කියල ඒකට හේතුව තමයි අවුරුදු උත්සවය සංවිධන කලේ පුංචි ළමුන් වෙනුවෙන් වීම. පුංචි ළමුන් වෙනුවෙන් සංවිධාන කල මේ බක්මහ සැණකෙලියේදී ළමුන්ට කණ්ඩායම් විධියට බොහොමයක් තරඟ සංවිධාන කලා වගේම තනියම අභියෝග ජයගන්නත් තරඟ සංවිධාන කරල තිබුණා.

මෙහීදී කුඩා ළමුන් වෙනුවෙන් මේ ආකාරයේ බක්මහ සැණකෙලියක් සංවිධාන කරන්න හේතුවුනේ ළමුන්ට තවත් එක් කාරණයක් ඒත්තු ගන්වන්න. ඒ තමයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න කණ්ඩායම් ගතවීම තුළින් වන සේවය පැහැදිලි කරදෙන්න.
ඊයේ (28) දින පැවති මේ බක්මහ සැණකෙලිය නිමාවනවිට දරුවන් තුළ බක්මහ සැණකෙලියේ වින්දනය වගේම මත්ද්‍රව්‍ය නිවාරණ්‍ පිළිබඳව කරුණු රාශියකුත් ලබාගන්න අවස්ථාව ලැබුණා. කඹුරුපිටිය ප්‍රතිභා 4U සංසදයේ ලේනබටුව 4U ප්‍රතිභා සමාජය මගින් තමයි මේ කටයුතුත සංවිධාන කලේ මෙහිදී ලේනබටුව 4U සමාජයේ සභාපති ගයාන් මහතා සහ ලේකම් ඉරේෂා මෙනවිය ව‍ගේම කඹුරුපි‍ටිය 4U සංසද නායක උපුල් සමීර මහතා ලබාදුන් සහය මතක් කරන්න ඕණ.ඒ වගේම ප්‍රතිභා මිතුරු එකමුතුවේ සභාපති ඉන්ද්‍රජිත් ගමගේ මහතා සහ 4U ජාතික ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිත දිනේෂ් සදිරංග මහතා, කඹුරුපිටිය ප්‍රතිභා 4U සංසදයේ සංවිධායක නුවන් ප්‍රසන්න මහතා මෙන්ම ප්‍රතිභා මාධ්‍ය ඒකකයේ චමින්ද, ප්‍රදීප්, අනිල්,කපිල වැනි සියළුම දෙනාගෙන් ලැබුන සහයෝගය අගයකලයුතු වෙනවා.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Monday, April 26, 2010

බාබර් සාප්පුවේ ඉතිහාසය ගැන දන්නවද

මුල් අවදියේ බාබර් සාප්පුවක්

කරණ වෑමියකුගේ වෘත්තීය ‍‍‍‍ ‍ඓතිහාසික එකකි. විශේෂයෙන්ම ඊජිප්තුවේ ලෝකඩ ධාතු අතර තිබී රේසර් හමුවීමෙන් මේබව සනාථවන බව පැවසේ.

එමෙන්ම ‍එසේකෙයිල් මගින් බයිබලයේහි කොන්ඩාකැපීම පිළිබදව මෙසේ සදහන් කර ඇත.
“Now, Son of man, Take a Sharp Sword and Use it has a Baber’s Razor to shave Head and Your beard” මෙවැනි කාරනා මගින් කරණවෑමී ‍වෘත්තිය ‍ඓතිහාසික එකක්බව කිව හැකිය.

රෝමයට කරණවෑමි ශිල්පය හදුන්වාදෙන ලද්දේ 296 BC හිදි සිසිලියේ ග්රීක කෝලණි මගිනි. ඉන්පසුව බාබාර් සාප්පු ඉතා ඉක්මනින් දෛනික ප්‍රවෘත්ති හා කටකතා සදහා වඩා ජනප්‍රිය ස්ථාන බවට පත්විය. සමාජ සබදතා සදහාද බාබර් සාප්පු අවස්ථාවක් විය. එය 1842 අවට කාලයේදී බූචරෙස්‍ට් හි තිබු බාබර් සාප්පුවක් මගින් පැහැදිලිවන බව ඉහත ඡායාරූපයේ දක්වා ති‍‍‍‍බේ. විශේෂයෙන්ම බාබර් සාප්පුවට උදෑසනම යෑම පොදු නාන ස්ථානයට යාම තරම් දෛනික වැඩ සටහනේ වැදගත් කොටසක් විය.

කොණ්ඩය හෝ රැවුල බෑම සැම විටම ස්වාධීන කාර්යයක් නොවීය. එය එංගලන්තයේ හා අනෙකුත් තැන් වල නීතිය මගින් සවි ගන්වා තිබිණි. එමනිසා පිරිසිදු බව හා අහංකාර බව පිරිසිදු රැවුල බෑමක් සදහා එකම හේතුව නොවේ. එහි මුලාරම්භය වඩාත් ගැඹුරට විහිදයයි. මැසිඩෝනියානු විජයග්‍රහණයේ පිරිසිදු රැවුල බෑමේ සම්ප්‍රදාය ගෙන ඒම ප්‍රථම ග්‍රී ඇගෝරාවෙහි κουρευς ඔහුගේ අනුශාසකයාගේ රැවුල, කොණ්ඩය හා නියපොතු විවිධ විලාසිතා අනුව සකස් කරන ලදී. එමෙන්ම තරුණයකුගේ ප්‍රථම රැවුල බෑම ඔහුගේ තරුණ බවට පත්වීමේ මූලික අවස්ථාව ලෙසද හැදින්වෙයි.


රෝම බාබර් සාප්පු කිහිපයක් ධනවත් හා බලපෑමට ලක්වු ඒවා අතර ඒවාට පැමිණෙනු ලැබුයේ ඉහළ පැලැන්තියේ අය පමණි. නමුත් බොහෝමයක් බාබර් සාප්පු සාප්පුවක ඉදිරිපස හෝ විදීයක් අස තබන ලද වංගුවකින් යුක්ත වු අතර එමගින් සාමාන්‍ය මහජනයා සදහා සේවා සැපයීම සිදුවිය.


සමහරක් බාබර් වරුන්ට මසුකඩ කරුවන්ලෙස නම්පට බැදුනේ ඔවුන් ඔවුන් ළඟට එන අය නිකටෙහි සහ කම්මුල් වල සීරීම් තුවාල සහිතව යවන නිසාය. මෙම බැනීමෙහි කොටසක් ඔවුන්ගේ ලෝකඩ හෝ තඹ (කිසිවිටෙකත් වානේ නොවන) රේසර මගින් ගත යුතුය. සමහරක් කරණවෑම්න් රේසර ප්‍රතික්ෂේප කරන පාරිභෝගිකයන් සදහා ලෝම නාශක සපයන ලදී.


මෑත කාලීන විදෙස් බාබර් සාප්පුවක්


පෙර කාලයේ වු කරණවෑමින් ශල්‍ය වෛද්‍යයවරු හා දන්ත වෛද්‍ය වරුද වූහ. කොණ්ඩා කැපීම විලාසිතා කිරීම රැවුල බෑම මෙන්ම කරණවෑමින් විසින් ශල්‍ය කර්ම, රුධිරය ඉවත් කිරීම, දත් ගැලවීම සිදු කරන ලදී. එමනිසා ඔවුන් කරණ වෑමි ශල්‍ය වෛද්‍ය වරු ලෙස හදුන්වනු ලැබු අතර 1094 දී ඔවුන් විසින් ඔවුන්ගේ ප්‍රථම සංවිධානය පිහිටු වන ලදී.

වර්තමාන කොන්ඩා කපන බාබර් සාප්පුවක්

අන්තර්ජාලය ඇසුරිණි.
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.



Wednesday, April 21, 2010

නුඹ විදින්නේ නුඹේ කරුමයද


නුඹට මේ අශිෂ්ටකම් කළේ කවුරුන්ද,
මේ සංස්කෘතියට නොබැදුණු
ඒ මෘගයන් කවුරුන්ද....?
පියෙකු ලෙස නුඹ අද අසරණය.
පුතුන් දැඩිකලත් ඔවුන්ට මෙන්ම
මේ සමාජයට ද, අද සංවේදී ඇසත් අහිමිය.

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ බස්නැවතුම්පලක අසරණව දිර්ඝ කාලයක් තිස්සේ ජීවත්වන සිමියොන් සීයාගේ ජීවිතය ප්‍රතිභා මාධ්‍ය එකමුතුවේ කැමරාකාඡවල සටහන්වූ අයුරු.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව


Sunday, April 11, 2010

ආයුබෝවේවා.......සිරි සුභ අළුත් අවුරුද්දක්ම වේවා.............

දොරින් දොර සතුට උතුරන
හදින් හද නේක පැතුම් මල් පූදින
සිතින් සිත සෙනෙහස ගලායන
සිරි සුභ අළුත් අවුරුද්දක්ම වේවා..............
ආයුබෝවේවා !!!!!!!!!!

ලබන්නා වූ සිංහල දමිළ අළුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය, සොම්නස සපිරෙන සිරි සුභ අළුත් අවුරුද්දක්ම වේවායි
කඹුරුපිටිය ප්‍රතිභා මිතුරු එකමුතුව,ප්‍රතිභා මාධ්‍ය එකමුතුව, මාතර දිස්ත්‍රික් ‍4U තරුණ සමාජ එකමුතුව එකසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.


Saturday, April 10, 2010

මාතර මනාප ප්‍රතිපල................


නිදහස් ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරා ගැනීමට පැවති මහා මැතිවරණය මාතර විශේෂ වූයේ මාතර දේශපාලනයේ යම් වෙනස්වීමක් සිදුවුනු නිසාවෙනි. මාතර දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ලෙස ජය ගනු ලැබුවේ මන්ත්‍රී ආසන හයක් හිමි කර ගනිමිනි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදුනු සුපිරි ක්‍රික‍ට් ක්‍රිඩක සනත් ජයසූරිය මහතා මනාප 74352ක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වරම් හිමිකර ගනු ලැබුවේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමිනි. එනම් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සිටියදීම පාර්ලිමේන්තුවට තේරීපත්වුන ලෝකයේ ප්‍රථමයා වීමයි.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරගකල සෙසු අපේක්ෂකයන් පහත පරිදි මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.

මහින්ද යාපා අබේවර්ධන 70439
ලක්ෂ්මන් යාපා අබේවර්ධන 67510
චන්ද්‍රසිරි ගජධීර 51042
හේමාල් ගුණසේකර 51013
විජය දහනායක 44463

එක්සත් ජාතික පෙරමුණ‍‍ට මාතර දිස්ත්‍රික්කයේ ආසන දෙකක් හිමිව ඇති අතර බුද්ධික පතිරණ මහතා මනාප 62499 ලබා මනාප ලයිස්තුවේ පළමු ස්ථානයට පත්වද්දී මංගල සමරවීර මහතා මනාප 59836 ලබා දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.


Friday, April 9, 2010

මැතිවරණ ප්‍රතිඵලය මාතර දේශපාලනය වෙනස් කලා........

ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුව සදහා නව මන්ත්‍රී වරුන් තෝරාපත් කර ගැනීමේ මහ මැතිවරණය සාර්ථකව අවසන් වූයේ ජනතා තීන්දුව තීරණය කරමිනි. මෙවර මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික් ප්‍රථිපලය තීරණාත්මක සාධකයක් බව‍ට පත්වුයේ පොරොන්දු දේශපාලනයට පාඩමක්ද කියාදෙමිනි.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ප්‍රථම වරට මැතිවරණයකට ඉදිරිපත්වු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මනාප ලයිස්තුවේ ප්‍රමුඛයාවීම විශේෂත්වයකි.

සන්ධානයේන් ඉදිරිපත්වුන හේමාල් ගුණසේකර, විජය දහනායක, මෙන්ම එක්සත් ජාතික පෙරමුනින් තරග කල බුද්ධික පතිරණ වැනි තරුණ දේශපාලන නායකයන් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරම්න් පාර්ලි‍මේන්තු වරම් ලබා ගැනීම මාතර දේශපාලන කරලියේ විශේෂ සිදුවීමකි.

පළමු වරට මැතිවරණයක් සදහා තරගකර මනාප ලයිස්තුවේ ප්‍රමුකයා බවට සනත් ජයසූරිය මහතා තේරීපත්වන විට මාතර දේශපාල‍නයේ පතාකයින් ජයග්‍රාහී මානාප ලයිස්තුවේ පහලින් දක්න‍ට ලැබීමත් මෙවර මහා මැතිවරණයෙන් මාතර දේශපාලන ඉතිහාසයට එක්වූ තවත් සුවි‍ශේෂී සිදුවීමකි.

මෙවර මැතිවරණයේ මාතර දිස්ත්‍රික්ක‍යේ දක්නට ලැබුනු තවත් විශේෂිතම සිදුවීමක් වන්නේ එක්සත් ජාතික පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක සාගල රත්නායක මහතා පරාජයට පත්වීමයි.

ලාංකික දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සි‍ටි මංගල සමරවීර වැනි පලපුරුදු දේශපාලකයකු අබිභවා නවක දේශපාලන තරුණ නායකයකු වන බුද්ධික පතිරණ මහතා මනාප ලයිස්තුවේ පළමු තැනට පැමිණීම මාතර දේශපාල‍නයේ තවත් සුවිශේෂී සිද්ධියක් විය.

‍කෙසේ වෙතත් මෙවර ‍මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය සුවිශේෂී විය. පොරොන්දු දේශපාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමක් දක්නට ලැබුනි. නමුත් ජනතා අපේක්ෂාව හා අවශ්‍යතාවයන් පිළිබද සොයා බලා සැබෑ ජන මෙහෙවරක නිරතවිම තේරීපත්වුන සියළුම නව මන්ත්‍රීවරුන්ගේ වගකීමක් වන බව ජනතාව පෙන්වාදී තිබේ.

විශේෂ ස්තුතිය
මාධ්‍යවේදී ජයසිරි පේදුරුආරච්චි මහතාට....

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.

Thursday, April 8, 2010

මහා මැතිවරණයේ ඡන්ද විමසීම සමකාමීව අවසන් වෙති.

නිදහස් ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුව සදහා පැවති මැතිවරණයේ ඡන්ද විමසී‍මේ කටයුතු අද ප.ව 4.00ට සාර්ථකව අවසන් වූවා. මේ වන විට මාතර දිස්ත්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 442 ක සිට ඡන්ද පෙට්‍ටි මාතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් පවතී. මාතර, දෙවිනුවර හා වැලිගම ප්‍රදේශවල ඡන්ද පෙට්ටි මේවන විටත් මාතර මැද්දවත්තේ කාර්මිත විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන පැමිණි ඇති බව මාතර තේරීම් භාර නිළධාරී ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මිය පැවසීය. දෙනියාය, පල්ලේගම පස්ගොඩ වැනි ප්‍රදේශවල පිහිටි ජන්ද මධ්‍යස්ථානවල ජන්ද ‍පෙට්ටි තවමත් ගෙනමින් පවතී. මෙහිදී පළමු නිළ ඡන්ද ප්‍රථිඵලය මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්ථාවෙයි. කෙ‍සේ වෙතත් මෙවර මහා මැතිවරණයේ මාතර දිස්ත්‍රක්කයේ ඡන්ද ප්‍රතිඵලය මාතර දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සාධකයක් බව‍ට පත්වෙතැයි මැතිවරණ විශ්ලේෂකයෝ ‍‍පෙන්වා දෙයි.


ප්‍රතිභා මාධ්‍ය එකමුතුව

Tuesday, April 6, 2010

2010 මාතර ඡන්ද සටන


රුහුණේ දේශපාලන ශක්තිය මෙරට ආණ්ඩු පිහිටුවීමට මෙන්ම ආණ්ඩුපෙරලීමට ද තීරණාත්මක සාධකයක් වු අවස්ථා බොහෝ ඇත. ඒ නිසා රුහුණට බොහෝ දෙනෙක්ගේ අවධානය නිතැතින් යොමුවෙති. දකුණේ මාතර දිස්ත්‍රික්කය මෙරට දේශපාලනයේ තෝතැන්නකි. මාතරින් මෙරට‍ට දායාද කරන කරන ලද දේශපාලන නායකයෝ බොහෝ වෙති. එවැනි ඉතිහාසයක් සහිත මාතර දිස්ත්‍රික්කයේ 2010 මහ මැතිවරණය දිනෙන් දිනම උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබුනි.

මේවන විට අප්‍රේල් මස අටවනදා (හෙට දිනයේ) මාතර දිස්ත්‍රික්කය තුල නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණය වර්ග කිළෝමීටර් 1282.5 කි. 2001 වසරේදී සිදුකරන ලද ජන සංගණනයට අනුව මුළු ජනගහණය 76137කි. ඔවුන්ගෙන් සියයට 11ක් පමණ නාගරික වෙසෙති. සෙසු ජනතාවගෙන් ග්‍රාමීය හා සුළු ජනකොටස් වතු ආශ්‍රිතවද ජීවත් වෙති.

ජනගහනයෙන් සියයට 94ක්ම බෞද්ධ වෙති. ඉස්ලාම් සියයට 2.6ක්ද හින්දු සියයට 2.4ක්ද, සියයට 0.6ක් ක්‍රිස්තියානි භක්තිකයෝය.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16ක් සහිත මාතර දිස්ත්‍රික්කයේ ගම්මාන 1659ක්ද, ග්‍රාමසේවා කොට්ඨාශ 650ක්ද වෙයි. ප්‍රාදේශීය සභා 15ක්ද වැලිගම නගර සභාව හා මාතර මහ නගර සභාවද මාතරට අයත්ය. ඒ අනුව පළාත් පාලන ආයතන 17ක් වෙයි.


මැතිවරණ කොට්ඨාස 7කින් යුත් මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ජන්දදායකයන් සංඛ්‍යාව 578858 දෙනෙකි. මැතිවරණ කොට්ඨාශ 7ක ‍ඡන්ද මධ්‍යස්ථාන 442දී ඡන්දය ප්‍රකාශකිරීමට සූදානමින් සිටිති. දෙනියාය 86311ක්ද, හක්මන 85686ක්ද, අකුරැස්ස 87510ක්ද, කඹුරුපිටිය 77705ක්ද, දෙවිනුවර 74601ක්ද මාතර 80334ක්ද, වැලිගම 86711ක්ද අප්‍රේල් 8වනදාට ඡන්දය ප්‍රකාශකිරීමට සුදානමින් සිටිති. .මේවන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම හා නිළධාරී යොමුකිරීම සිදුවෙමින් පවතී. දිස්ත්‍රික්කය තුල මැතිවරණ රාජකාරි සදහා නිළධාරී 8000ක පිරිසක් සේවයේ යොදවා ඇතිබව මාතර තේරිම්භාර නිළධාරී ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මිය පවසයි.

දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලීසියේ හා ආරක්ෂක අංශයේ නිළධාරීන් 4500ක් යොදවා ඇති බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි මහතා පවසයි.

කෙසේ වෙතත් මැතිවරණ උණුසුම අළුයට ගිනිමෙන් බුර බුරා නැ‍ගෙන මාතර දිස්ත්‍රික්කයෙන් ලබන අප්‍රෙල් 8වනදාට (හෙට දිනයේදී) ජනතාවගේ තීන්දුව පළවන්නේ දේශපාලකයන්ටද පාඩමක් කියාදෙමින් බව පෙනෙන්නට ඇත.

විශේෂ ස්තුතිය
මාධ්‍යවේදී දෙනගම ධම්මික රණවීර මහතාට.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.