"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Tuesday, August 17, 2010

Extremely for women’s - අතිශයින්ම කාන්තාවන්ට පමණයි.

Very important to be careful when you travel by bus or train….


Mobile phone is very popular equipment today. But in our present society mobile phones are main tool for some group of people who are interested in sex. Because of this reason, specially ladies have to be careful when they travel by public transport services.

බස් රථයේ, දුම්රියේ ගමන් කරන ඔබ මේ පිළිබදවත් විමසිලිමත්ව සිටීම වැදගත්.......

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රධාන මෙවලමක් ලෙස ජංගම දුරකතනය පත්ව තිබේ. අමතර පහසුකම් රැසකින් සමන්විත නවීන පන්නයේ ජංගම දුරකතන ඉතා පහසු මිළට ඕනෑම කෙනෙකුට මිළදී ගැනීමට හැකිය.

දුරකතන ඇමතුමක් සදහා භාවිතා කරන ජංගම දුරකතනය වර්තමාන සමාජයේ කාමාතුරයන්ගේ ප්‍රධාන අවියක් ලෙස භාවිතා කරන්නේ එහි අන්තර්ගතව තිබෙන කැමරාව නිසාමය.

කාමතුරයන්ගේ අත ඇති දුරකනයෙන් සිදුකරන්නා වූ එක් අදූරු පැතිකඩක් පිළිබද ඔබ දැනුවත් කිරීම අපේ යුතුකමකි.

කාන්තාවන් ගවුම්, සායවල් ඇදීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ගවුම් දණහිස‍ට වඩා උඩින් ඇදීම අද සමාජයේ බහුලව දක්නට ලැබෙන්නකි. විලාසිතා කිරීම සුන්දර ලස්සන උවද ඒ තුළින් ඔබ නොදැනුවත්වම සිදුකර ගනු ලබන්නේ බොහෝ කාමාතුරයින්ගේ ගොදුරු බවට පත්වීමකි.

බස්රථයේ හෝ දුම්රියේ වාඩිවී ජංගම දුරකථනයේ කැමරාව සහිත කොටස උඩු අතට හරවාගෙන සිටින පුද්ගලයන් දෙස විමසිලිමත්ව බලන්න. ඔවුන් සිය කැමරා කාචය තුල සිටගෙන සිටින කාන්තාවන්ගේ නිරුවත ඡායාරූප ගත කරන බව තොරතුරු වාර්තාවෙමින් පවතී. ඒ තුලින් ඔබ නොදැනුවත්වම කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත්වී හමාරය.

මෙම තත්වයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ පාසල් සිසුවියන්ය. මෙවැනි වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදාහැරීම තුළින් ඔබ නොදැනුවත්වම ඔබේ සිරුර ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරේ.

එවැන් පහත් සතුටක් ලබන නින්දිතයින්ගෙන් ඔබේ සෙ‍ායුර, සොයුරියන්, දියණියන් රැකගැනිම‍ට වග බලාගැනීම ඔබගේ යුතුකමකි.

ලැජ්ජාවට බියෙන් තමන්ගේ ජීවිත වලින්ද වන්දි ගෙවන අහිංසක යුවතියන් ගැන කතා අප ඕනෑ තරම් අසා ඇත. මේ තත්වයට ඔබත්, ඔබේ දියණිය, සොහොයුරිය, යෙහෙළිය දැනටමත් ගොදුරුවී ඇද්දැයි අප ‍නොදනිමු. එහෙත් යම් ‍දෙයක් සිදුවන්නට පෙර ඒ ගැන ඔබව දැනුවත් කිරීම අපේ යුතුකමකි.

විශේෂයෙන්ම බස්රථයේදී හෝ දුම්රියේදී ඔබ නැගිට ගමන් කරනවානම් ඔබ අසල වාඩි වී සිටින පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය පිළිබදව විමසිලිමත්ව සිටින්න. එමගින් වටිනා ජීවිතයක් කාමාතුරයන්ගේ ගොදුරක් බවට පත් නොවනු ඇත.

ලිංගික අධ්‍යාපනය පිළිබඳව සකස් කෙරෙන ග්‍රන්ථයක් උදෙසා තොරතුරු සොයා යාමේදී මේ තොරතුරු අනාවරණ‍ය වූයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂණ ඇසුරෙනි.


ඡායාරූප අන්තර් ජාලය ඇසුරින්.

නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා......

සටහන,

.එච්.ඩී.උදාර සංජීව - මාතර

3 comments:

  1. ඔය දේවල් අපේ රටේ වෙන්නේ නවීන තාක්‍ෂණයේ වරද නිසා ජංගම දුරකථනයේ අන්තර්ගතව තිබෙන කැමරාව නිසා නොවෙයි උදාර දේශපාලන ​පසුගාමීත්වය නිසා නීතිය හා පර්යාය (law and order) රට තුල හරියට ක්‍රියාත්මක නොවන බැවිනි.මම දැන​ට වසර දහයයක් ජීවත් වෙන්නෙ ඈමරිකාවෙ මේ රටේ මිනිස්සු බස්වවල ජැක් ගහන්නෙ නැහැ.පෙම්වතියගෙ නිරුවත් ජයාරූප අන්තර්ජාලයට මුදා හැර නැත.ජංගම දුරකථනයේ කැමරාවෙන් නිරුවත් අනවසර ජයාරූප ගන්නෙ නැහැ. මිනිස්සු හොඳ නිසා නෙවෙයි කරල අහු උනොත් ජීවිතෙන් බාගයක්ම හිරේ තමයි.ඔයාලට මේව නැති කරන්න ඕන නම් නීති,ව්‍යවස්තා සැදීම හරහා රටට සේවය කරන්න දන්න බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න.

    ReplyDelete
  2. මේ වගේ වටිනා උපදෙස් ලබාදීම ගැන ප්‍රතිභා මාධ්‍ය එකමුතුවට ස්තුති වත්ත වෙනවා

    ReplyDelete
  3. පහත් ආශා තියෙන මිනිස්සුන්ගෙ හැගිම් තමයි ඔය විදියට සමාජයට පෙන්නන්නෙ, කාටවත් දොස් පවරන එක නෙවේ තමන් නිවැරදි වෙන එකයි කරන්න ඔනෙ, එතකොට කාටවත් වැරැද්දක් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ..... එහෙම නේද?

    ReplyDelete