"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Thursday, July 22, 2010

බැටන් ප්‍රහාරය වැදී සති කිහිපයක‍ට පසු රුහුණ විශ්ව විද්‍යාල සිසුවා මිය යයි....

"මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න."
රුහුණ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක පවසයි.



රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් එල්ලකරණ ලද බැටන් පොලු ප්‍රහාරයකින් හිසට තුවාල සිදුවීම නිසා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අද උදෑසන (23 දින) මිය ගොස් ඇත.

එලෙස මිය ගොස් තිබෙන්නේ බුත්තල උණාවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත බණ්ඩාර (24) නැමති විශ්ව විද්‍යාල සිසුවෙකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පහුගිය ජූනි 18 වෙනිදා පැවති අතර එය පාලනය කිරීම සදහා මාතර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයකින් නිළධාරීහු රැසක් විශ්ව විද්‍යාලයට කැදවා තිබුණි. මෙහිදී ඇතිවූ තත්වය පාලනය කිරීම සදහා පොලීසිය විසින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එය වැදුනු සුසන්ත බණ්ඩාර සිසුවා තම ගමේ රෝහල වන බුත්තල මහ රෝහලටද පසුව දියතලාව සහ බදුල්ල රෝහල් වෙතටද ඇතුලත් කොට තිබු බව වාර්තා විය.

හිස අභ්‍යන්තරයේ ඇතිවී තිබු ලේ ගැලීම් සහ වෙනත් තත්වයන් මත සුසන්ත බණ්ඩාර විශ්ව විද්‍යාල සිසුවා අද උදෑසන බදුල්ල මහ රෝහලේදී මිය ගොස් ඇත.

සිසුවාට එම පහර දීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව අද උදෑසන (23 දින) රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කලහ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් දෙදහසකට වැඩි පිරිස‍කගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්තුනි. පෝසටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලය අසලින් ‍ගමන් ආරම්භකර පෙළපාලි කරුවන් මාතර නගරය කරා පැමිණියහ.


උද්ඝෝෂණ කරුවන් විශ්ව විද්‍යාලය අසල සිට මාතර නගරයට පැමිණෙන අයුරු.

නමුත් මාතර කොටුවේගොඩදී පොලීසිය සහ හමුදාව විසින් පෙලපාලිය තව දුරටත් ඉදිරියට පැමිණිම නතර කිරීම සදහා පාර හරහා ආරක්ෂක වලල්ලක් දමා තිබුනි.


උද්ඝෝෂණ කරුවන්ගේ පැමිණීම වැලැක්වීමට ආරක්ෂක රැකවල් යොදා තිබූ අයුරු.

මෙම අවස්ථාවේ පොලීසියේ උසස් නිළධාරීන් විසින් මහා ශිෂ්‍ය සංගමයේ නිළධාරීන් කිහිපදෙනෙක් සමග සාකච්ඡාකල අතර එම අවස්ථාවේ ශිෂ්‍යයින් ඒ අසල බිම වාඩිවී තම විරෝධය පලකර සිටියහ.



මාර්ගය මත වාඩීවී උද්ඝෝෂණය කරන අයුරු සහ අරක්ෂක අංශය හා මහා ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡා පවත්වන අයුරු.

"මෙම පහර දීම නිසා විශ්ව විද්‍යාලයේ සි‍ටි දීප්තිමත්ම ශිෂ්‍යයෙක් අහිම් වුනා. මෙවැනි මර්ධනකාරී බල වේගයන්ට එරෙහිව දිගටම උද්ඝෝෂණ පවත්වනවා. ඒ වගේම අපේ සහෝදර සිසුවාගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා." උද්ඝෝෂණයට සහභාගිවූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක සිසුවා පැවසුවේය.

උද්ඝෝෂණ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන බව රුහුණු විශ්ව විද්‍යාල‍යේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා...


3 comments:

  1. යම් කිසි වැරද්දක් සිදුවී ඇත...
    "රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්"
    මෙවන් ගැටුමක් සිදුවුයේ නැත.සිදුවුයේ ගම හා විශ්ව විද්‍යාල සිසුන් අතර ගැටුමකි.ඒ නිසා තමන් පළ කරන දේ නිවරදිව පළ කරන්න....

    ReplyDelete
  2. තමුසෙල කැම්පස් ගියෙ උද්ගෝෂණ කරන්නද?ඉගෙන ගන්නද?යකෝ මහජනතාවගෙ සල්ලි ඔහොම නාස්ති කරන්න එපා.තොපිට හෙන ගහනවා.පාඩුවෙ ඉගෙනීමේ වැඩ ටික කරගෙන,තව බඩුවක් එහෙම දාගෙන ඉන්නවනම් ෂේප් එකේ ඒකත් ගහල හිමිහිට එලියට වරෙව්.බලනව තමුසෙල ඔය කරණ වැඩෙන් කී දෙනෙක් අපහසුතාවයට පත් වෙන්වද කියල.**** පුතාල.

    ReplyDelete
  3. Mother claims Uni student assaulted by fellow student

    http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.adaderana.lk%2Fnews.php%3Fnid%3D9076&h=740ce

    ReplyDelete