එහෙත් ඇයට ලොකුමහත්වූ දරුවන් ඔවුන් කුඩාකල මෙන් දැක්ක නොහැක. කුස තුළ දසමසක් තබාගනිමින් රුහිරු, කිරි බවට හරවමින් දරුවන් දෙදෙනා ඇතිදැඩි කල ආරියවතී මහත්මීය වර්තමානයේ ඔවුන් දෙදෙනා ගැන සිහිකරමින් ආඩම්බර වුවත් තමන්ගේ මව ගැන ආඩම්බර වීමට හෝ මව රැක බලා ගැනීමට දරුවන් දෙදෙනාට ඕණැකමක් හෝ කාලයක් හෝ නොමැත.
කුඩාකල මවගේ දෑසට නොපෙන්නට එක මොහොතක් හො සිටින්නට නොහැකි වූ දරුවන්ට ලොකුමහත්වූ පසු අම්මා දෑසින් පෙනෙන්ට වත් සීටීම කරදරයක් වූ ආකාරය පුදුමයක්ම නොවේද, නමුත් සත්‍යය එයයි.
කඹුරුපිටිය මලාන "වැඩිහිටි කාන්තා සුරැකීමේ මධ්‍යස්ථානයේ" තමන්ගේ දිවියේ සැඳෑ සමය ගෙවන මෙවන් මව්වරු බොහෝමයක් සිටිති. ආරියවතී මව මෙන්ම ලීලාවති මවත් එවන් අම්මා කෙනෙකි.
"මම මෙහෙම ඉන්න ඕණ කෙනෙක් නොවෙයි මට ගොඩක් දේපල තිබුණා." නමුත් ලීලාවතී මවට දරුවන් නොසිටීම නිසා ඇය ඥාතී දරුවකු තමන්ගේ දරුවා මෙන් හදාවඩා ගත්තේය. "ඒත් පුතා කසාද බැන්ඳට පස්සේ ගොඩක් වෙනස් වුණා. මට වද දීල මගේ දේපල ඔක්කොම ලියවගෙන මාව ගෙයින් එළියට දැම්මා." ඒ දුක්බර සිදුවීමෙන් පසු ඇයටද පිළිසරණක් වූයේ මේ නිවහනයි. "දැන් මම පිනක් දහමක් කරගෙන ඉන්නවා. මේ ළඟදී මට දඹදිව යන්නත් අවස්ථාව ලැබුණා." නමුත් හදාවඩා ගත් දරුවා සිහිවීම ඇයට අමතක කිරීම ඉතාමත් අසිරු කටයුත්තක් වී තිබේ.
දරුවන් විසින් අමතක කල මෙවන් මව්වරු පස් (05) දෙනෙකුට සෙවණ දුන් මේ වැඩිහිටි කාන්තාවන් සුරැකීමේ මධ්‍යස්ථානයේ අදවන විට වසර 17ක් තුළ මව්වරුන් දහතුන් (13) දෙනෙකු ජීවත්වීම අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම ස්ථානයේදී මව්වරුන්ට කිසිදු අඩුපාඩුවක් සිදු නොවීමට පාලිකාවන් උත්සාහ කළත් දරු සෙනෙහස මතුවීම මෙම මව්වරුන්ට කෙසේවත් පාලනය කරගත නොහැක. හුදෙකලාවන හැම විටම කඳුලක් නෙතට උණන මේ මව්වරුන් අතීතය සිහිකරන්නේ දරාගත නොහැකි කම්පනයකින් නොවේද. "මට දුවෙක් ඉන්නවා දැන් එයා කසාද බැඳලා දූගේ ගාවට ගියාම එයා මට සලකන්න බැහැ කිව්වා." දරුවන් කුඩා කල කිරට හඩන ඔණෑම විටෙක මුවට දෙතන ලංකරන්නට අම්මා ලෝභ නොවුවත් මවට බත්පතක් දිම තමන්ගේ දියණියම ප්රතික්ෂේපකල නිසා ඥාණවති මව මේ ස්ථානයට පැමිණ තිබේ."දැන් මම කාත් කවුරුවත් නැති අසරණ ගැනියක්" කඳුළු අතරින් ඇය පැවසුවත් අමාමවරුන්ගේ අගය දන්නා පුද්ගලයන් මේ සමාජයේ දැනටත් සිටින නිසා ඇයගේ හිසට වහලක් ලැබී තිබේ.
දරුවන් තනිකල අම්මාවරු මෙන්ම දරුවන් නොමැති නිසා අසරණවන අම්මලාත් මෙම වැඩිහිටි කාන්තා සුරැකිමේ මධ්‍යස්ථානයේ සෙවන ලබන්නේය. "මම දැන් මෙහෙට ඇවිල්ල මාස හයක් විතර වෙනවා ඉස්සර රස්සාව විධියට කරේ රබර් කිරි කපන එක මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා තුන්දෙනාම සනීප කරගන්න බැරි ලෙඩකින් මැරුණා මට දැන් සලකන්න කෙනෙක් නැති නිසා තමයි මෙහෙට ආවේ." කරලිනාහාමි මව පවසන්නීය.
මෙවන් විවිධ කරුණු නිසා අසරණ වූ වැඩිහිටි කාන්තාවන් සුරැකීමට කඹුරුපිටිය මලාන වැඩිහිටි කාන්තා සුරැකීමේ මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ 1993 වර්ෂයේදී බව මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකා පද්ම ගුණසේකර පැවසුවාය. "අපේ යාවජීව අරමුදලක් තියෙනවා. ඒකෙන් තමයි මේ වැඩිහිටි නිවාසය පවත්වගෙන යන්නේ අපට තියෙන සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපි මේ අම්මල හොඳින් රැකබලා ගන්නවා." ඇය පවසන්නීය.
ජීවිතයේ සැදෑසමය දරුවන් මුණුබුරන් සමග ගතකීරීම ඕණැම මවකගේ සිහිනයකි. නමුත් ඒ සිහිනය බොඳකිරීම විශාල පවකි. මෙම වැඩිහිටි නිවාසයේදී අම්මලාට සියළුම පහස්කම් ලැබුනත් තමන්ගේ දරුවාගේ ආදරය සෙනෙහස නොලැබේ. "දැන් දැන් වැඩිහිටි නිවාසයට ඉල්ලුම් පත්‍ර ලැබෙනවා වැඩියි අම්මල ඇතුලත් කරගන්න කියල ඒක ඇත්තටම කනගාටුවට කරුණක් ඒත් අපි හව්හරණක් නැති අම්මල භාරගන්න කටයුතු කරනවා." පාලිකාව පවසන්නීය.
නමුත් මව්වරුන් ඇතුලත්වන තරමට මධ්‍යස්ථානයේ සම්පත් වැඩිදියුණු වන්නේ නැත."අපි දැන් අළුත් ගොඩනැගිල්ලක් හදනවා ඒකෙ වැඩ තාම ඉවර නැහැ ඉතිං වැහි දවස්වලට හරි කරදරයි මොකද ඉදඩ නැතිනිසා අම්මල ඉන්නේ කොරිඩෝවේ ඒක තෙමෙනවා. ඒක නිසා ගොඩනැගිල්ලෙ වැඩ ඉවර කරගන්න දානපතියන්ගේ ආධාරය ලැබුනොත් ඒක ලොකු උපකාරයක් වේවි මේ අම්මලාට" ඇය පවසයි.
"මේ නිවාසේ ලොකු නෝනා අපිට හොඳට සලකනවා. ඒ නිසා මම ජිවිතේ නැතිවුණ දේවල් හිතන්නැතුව ඉන්න උත්සාහ කරනවා."ඥාණවතී මව පවසන්නීය. නමුත් ප්‍රධාන පාලිකාව තමන්ගේ අත්දැකීමෙන් පවසන්නේ කථාකරන විට හිතේ හයියෙන් කථාකලත් හුදෙකලාවූ විට මේ අම්මලා දැඩි දුකකින් කදුලු සලන බවයි. "මම මේ නිවාසයේ පාලිකාව විධියට වසර 10ක් විතර වැඩ කරනවා. අපිට මේ නිවාසය කරගෙන යන්න වෙන්නේ දරුවන් අම්මලාට සලකන්නැති නිසා අපේ මධ්‍යස්ථානෙ ඉන්නේ අම්මල විතරයි. හැබැයි තාත්තලටත් මේ තත්ත්වෙම අද සමාජයේ උදාවෙලා තියෙනවා. ඉතිං ඉදිරි පරම්පරාවවත් මේ ගැන හිතල බැලුවොත් වැදගත් කියල මම හිතනවා." පාලිකා පද්මා ගුණසේකර පවසන්නීය.
හිතන්න මේ ගැනත් "ජීවිතය ලබාදුන් පසු ජීවත් වීම පමණක් නොව, ජීවිතය ලබාදුන් දෙමාපියන් රැක ගැනිමත් දරුවන්ගේ වගකීමක් නොවන්නේද," කියා........!
(වැඩිහිටි කාන්තා සුරැකීමේ මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු හා අදවු උපකාර කීරිම සඳහා අමතන්න - 041 22 93 325)
w.k. මහේෂිකා
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
No comments:
Post a Comment