"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" https://www.facebook.com/prathiba.media +94412294982

Monday, June 28, 2010

පොසොන් සමරා කඹුරුපිටියේ පිංකම් රැසක්..

පොසොන් පොහොය නිමිතිකරගෙන කඹුරුපිටිය ප්‍රදේශයේ පිංකම් රැසක් පැවතුනි. දාන,ශීල, භාවනා වැඩසටහන් විහාරස්ථාන හා පාසල් ආශ්‍රිතව පැවතුනි. ප්‍ර‍දේශය පුරා තේ, අයිස්ක්‍රීම්, කිරිකෝපි,බත් ආදී දන්සල් රැසක් දක්නට ලැබුනි. ඉන් කඹුරුපිටිය නැගෙනහිර ඉලුක්කැටිය ප්‍රදේශයේ තරුණ කැල 15වන වරටත් සංවිධානය කරන්නට යෙදුන තේ පැන් දන්සල ප්‍රධාන තැනක් ගනී. කඹුරුපිටිය කිරින්ද මාර්ගයේ දහය කණුව ගේට්ටුව මංසන්දියේදී මෙම දන්සල 25 වන දින උදෑසන සිට 27වන දින උදෑසන දක්වා දිවා රාත්‍රී නොකඩවා පවත්වන ලදී. පහන් කූඩු රැසකින් දන්සල අවට ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන ලද අතර ඒ සදහා පහන් කූඩු ලබාදීමෙන් රත්කැකුලාව ‍4U තරුණ සමාජය අනුග්‍රහය දැක්වීය.



මීට සමගාමීව සදහම් පොසොන් කලාපය නමින් පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී. කඹුරුපිටිය මලාන සංස්කෘතික මධ්‍යස්ථාන භුයේදී මෙම පොසොන් කලාපය පැවැත්වේ. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් විසින් නිර්මාණය කරන ලද පො‍සොන් තොරන මෙම පොසොන් කලාපය තුල ප්‍රදර්ශනය වේ. එමෙන්ම සංස්කෘතික සංදර්ශන, පහන්කූඩු ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් මෙම පොසොන් කලාපයට එක්කර තිබේ. කඹුරුපිටිය ප්‍රාදේශිය සභාපති චන්දන සිරිබද්ධන මහතා සංකල්පයක් මත චන්දන සිරිබද්ධන ‍බෞද්ධ පදනම මගින් ප්‍රථම වරට මෙම පොසොන් කලාපය සංවිධානය කර තිබුනි. මෙම පොසොන් කලාපය හා දන්සල පැවැත්වීම සදහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය හිරු FM ගුවන් විදුලිය මගින් ලබාදෙන ලද අතර ප්‍රචාරක මාධ්‍ය දායකත්වය කඹුරුපිටිය ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් ලබාදෙන ලදී. ප්‍රදේශයේ ආගමික හා සදාචාරාත්මක වර්ධනයක් ඇතිකිරීම මෙහි මූලික අරමුණවී තිබේ.

No comments:

Post a Comment